×

කාශ්මීරය වෙත පැනවූ සංචාරක සීමාවන් ඉවත් කිරීමට පියවර!

කෙසේවෙතත්, බ්‍රිතාන්‍යය ඇතුළු ලොව බොහෝ රටවල තවමත් කාශ්මීරයට සංචාරය කිරීම පිළිබඳ සීමාවන් පනවා ඇති බවද වාර්තා වේ.


කාශ්මීරය වෙත පැනවූ සංචාරක උපදෙස් එළඹෙන බහස්පතින්දා (10) දින ඉවත් කරන බවට ඉන්දියානු රජය නිවේදනය කර තිබේ. ඒ ව්‍යවස්ථානුකූලව කාශ්මීරයේ පැවති දේශපාලන ස්වාධීනත්වය ඉවත් කිරීමට ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ රජය ගත් පියවර සමඟ හටගත් නොසන්සුන්කාරී තත්ත්වයන් නිසා ආරක්ෂක සම්බාධක පනවා දෙමසකට පසුවයි.

පසුගිය අගෝස්තු මස ඉන්දියානු රජය විසින් ඉස්ලාමාබාද් විසින් ප්‍රතික්ෂේප වූ පකිස්තානු පිටුබලය ලැබි සන්නද්ධ කල්ලි විසින් ප්‍රහාර දියත් කිරීමට ඇති ඉඩකඩ පිළිබඳ අනතුරු ඇඟවීමත් සමඟ බොහෝ ඉන්දියානු සංචාරකයින්, බැතිමතුන් හා කම්කරුවන් මුස්ලිම් ප්‍රජාව බහුතර කාශ්මීරයෙන් පලා යනු දක්නට ලැබිණි. කාශ්මීරයේ ස්වාධීන තත්ත්වය අහෝසි කළ බව නිවේදනය කිරීමට පැය කිහිපයකට මත්තෙන් දුරකතන, අන්තර්ජාල පහසුකම් ආදිය අත්හිටුවන ලද අතර ඇතැම් ප්‍රදේශ වලට සංචාරය කිරීම ද සීමා කිරීමට ඉන්දියානු රජය පියවර ගන්නා ලදී. ඒ මෙම තීන්දුව සමඟ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වනු ඇති බවට රජය දැන සිටි නිසාවෙනි. 

ඒවායින් ඇතැම් සම්බාධක මේ වන විටත් ඉවත් කොට ඇත. එමෙන්ම මෙම තීන්දුවත් සමඟ අත්අඩංගුවට පත්වූ කාශ්මීරයේ ජ්‍යෙෂ්ඨ නායකයින් දෙදෙනෙකු හමුවීමට ද ප්‍රධාන ජාතික සම්මේලනයේ සාමාජිකයින් හට අවසර ලබා දුන් බවට ඉන්දියානු මාධ්‍ය වාර්තා කර සිටියි.  

කෙසේවෙතත්, අන්තර්ජාල හා දුරකතන විසංධිය තවමත් කාශ්මීරය තුළ ක්‍රියාත්මක වෙමින් පවතී.  

අගෝස්තු 2 වනදා නිකුත් කරන ලද සංචාරක සීමා උපදෙස් එළඹෙන බ්‍රහස්පතින්දා සිට ඉවත් කරන බව ජම්මු හා කාශ්මීර රජය සඳුදා (07) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. 

කෙසේවෙතත්, බ්‍රිතාන්‍යය ඇතුළු ලොව බොහෝ රටවල තවමත් කාශ්මීරයට සංචාරය කිරීම පිළිබඳ සීමාවන් පනවා ඇති බවද වාර්තා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි