×

වසර 72කට පසු ඉන්දියානුවන්ට විවර වූ   පාකිස්ථානයේ පුදබිම

,


සිය ගණනක් ඉන්දියානු සික්වරුන් 700ක් දෙනා පාකිස්ථානයට ඓතිහාසික වන්දනා චාරිකාවක් ආරම්භ කර ඇත. කාශ්මීරය මුල් කරගනිමින් පසු ගිය සමයේ ඉන්දියාව හා පාකිස්ථානය අතර ඇති වූ විරසකය පසෙක ලා පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විසින් ඉන්දියාව සහ පාකිස්ථානය අතර පිහිටි කිලෝමීටර හතරයි දශම හතක් දුරැති කට්ටපුර් සහීබ් කොරිඩෝව විවෘත කිරිමට නියමිතව ඇත. කොරිඩෝව විවෘත කිරීමෙන් පසු ඉන්දිය පාර්ශ්වයෙන් බැතිමතුන් පන්සියයක් ගමන් ආරම්භ කිරිම සදහා ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි විසින ආරම්භක සංඥාව නිකුත් කරන ලදී.

වාර්ෂිකව ලොව පුරා සික් ජාතිකයන් මිලියන 30ක් පමණ මෙම දේවස්ථානයට පැමිණේන අතර පසු ගිය දශක දෙක පමණ කාලයක් තිස්සේ බැති මතුන්ට එහි යා නොහැකිව පැවතින.

1947 වසරේ පාකිස්ථානය නිදහස ලැබීමෙන් පසු සික් ජාතිකයන් පිරිසක් පාකිස්ථානයේද තවත් පිරිසක් ඉන්දියාවටද බෙදී ගියේය.

එතැන් පටන්, නිදහස ලැබීමෙන් පසු දෙරට අතර පැවති අසංඛ්‍යාත දේශසීමා ගැටුම් හා ඉන්දියාව සහ පාකිස්තානය අතර බහු වාර්ෂික සතුරුකම නිසා සීක්වරුන්ට මෙම පන්සල නැරඹීම වළක්වා තිබිණි.

නොවැම්බර් 12 වන දින සික් ජාතීන් අතර පූජනීය ගුරු නානාක්ගේ 550 වන උපන්දිනයට දින කිහිපයකට පෙර මෙම අවස්ථාව සික් ජාතිකයන්ට උදා විය.
“අපගේ ජීවිත කාලය පුරාම අපට පැවති එකම පැතුම ඉටු වුණා.. අප කිසිසේත් මෙම අවස්ථාව බලාපොරොත්තු වුණේ නැහැ.. තමන් ලද අවස්ථාව ගැන ඉන්දීය සික් ජාතිකයන් එසේ පවසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි