×

“ඉන්ඩියානා ජෝන්ස්” සමඟින් හොලිවුඩ් පුරවරයට වික්‍රමාන්විත ගමනක් යං!

ඉන්ඩියානා ජෝන්ස් පස්වන දිගහැරුමේ පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට නිකුත් කරන්නේ කවදාද?


ඉන්ඩියානා ජෝන්ස් වටා ගෙතෙන්නේ පුරාවිද්‍යාව පිළිබඳ ප්‍රබන්ධ මහාචාර්යවරයකු වන ආචාර්ය හෙන්රි වෝල්ටන්ගේ වික්‍රමාන්විතයන් මත පදනම් වූ කතා වස්තුවකි. මෙය ඇමරිකානු සිනමාංගයකි.
1981 දී Raiders of the Lost Ark චිත්‍රපටයෙන් ආරම්භ වූ ඉන්ඩියානා ජෝන්ස් ගේ ගමන් මඟ 1984 දී The Temple of Doom නමින් ද, 1989 දී එහි අනු නිර්මාණයක් ව නැවතත් The Last Crusade ලෙසින් ද 2008 දී සිව්වන චිත්‍රපටය The Kingdom of the Crystal Skull නමින් ද ප්‍රේක්ෂක ආදරය දිනා ගැනීමට සමත් විය.

(Raiders of the Lost Ark) ඡායාරූප; CinemaBlend
( The Temple of Doom) ඡායාරූප; Solzy at the movies
( The Last Crusade) ඡායාරූප; CinemaBlend
( The Kingdom of the Crystal Skull) ඡායාරූප; Entertainment Weekly

මෙහි 1984 වසරේ දී තිරගත කෙරුණු The Temple Of Doom ශ්‍රී ලංකාවට වැදගත් සන්ධිස්තානයකි.
මෙය ඉන්දියාවේ රාජස්තාන් ප්‍රදේශයේ රූගත කිරීම් සිදුකිරීමට නියමිතව තිබූ නමුත් යම් යම් සිත් තැවුල් හේතුවෙන් සහ ඉන්දීය බලධාරීන් චිත්‍රපට බලපත්‍ර ලබා නොදීම හේතුවෙන් එහි රූගත කිරීම් ශ්‍රී ලංකාවට ගෙන යන ලදී. ශ්‍රී ලංකාවේ “ඉන්ඩියානා ජෝන්ස් සහ ඩූම් ටෙම්පල් ඔෆ් ඩූම්” රූගත කරන ලද්දේ මහනුවර කඳුකර ප්‍රදේශයෙහි ය. එහි දී කැලෑව සහ එල්ලෙන කඹ පාලම් දර්ශන සඳහා වැඩි විශේෂත්වයක් ඔවුන් දැක්වීය.
චිත්‍රපටයේ ‘මායාපෝර්’ ගම්මානය පිහිටි ස්ථානය ශ්‍රී ලංකාවේ ප්‍රථම තේ කෞතුකාගාරය පිහිටි ස්ථානය ද වේ.
මහනුවරට උතුරින් පිහිටි වික්ටෝරියා වේල්ලේ දර්ශනයක් ද මෙහි අඩංගු ය. එපමණක් නොව රංඟන දායකත්වයෙන් ඩී.ආර්.නානායක්කාර, ධර්මදාස කුරුප්පු, අයිරාංගනී සේරසිංහ, දෙනවක හාමිනේ, රූබි ද මැල් සහ දර්ශන පනන්ගල ආදී රංඟන ශිල්පී/ ශිල්පිනියන් ගැමි භූමිකාවන් නිරූපණය කළහ. අපේ මව් භාශාව ද ඔවුන් තම සිනමාංගයට යොදා ගැනීමට අමතක නොකළ අතර ඉන් අමුතු රහක් ප්‍රේක්ෂකයාට ලබා දීමට අධ්‍යක්ෂක උපක්‍රමශීලී වී ඇත.

ඡායාරූප; The Take
ඡායාරූප; Indiana Jones and the Temple of Doom Ultimate Location Travel Guide
ඡායාරූප; Conde nast traveler
ඡායාරූප; Twitter
ඡායාරූප; Twitter

පස්වන සහ අවසාන සිනමාංගය ලෙස ඉන්ඩියානා ජෝන්ස් නිෂ්පාදනය වෙමින් පවතින අතර එය 2023 දී කරළියට නිකුත් කිරීමට නියමිතය. මෙම චිත්‍රපට මාලාව ජෝර්ජ් ලූකස් විසින් නිර්මාණය කරන ලද අතර “ඉන්ඩියානා ජෝන්ස්” ලෙස “හැරිසන් ෆෝඩ්” රංගනයෙන් දායක වේ. මෙහි පළමු චිත්‍රපට හතර අධ්‍යක්ෂණය කරන ලද්දේ ස්ටීවන් ස්පිල්බර්ග් විසිනි.

ඡායාරූප; JoBlo
ඡායාරූප; youtube

ඉන්ඩියානා ජෝන්ස් පස්වන දිගහැරුමේ පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට නිකුත් කරන්නේ කවදාද? යන ගැටලුව, කුතුහලය “ඉන්ඩියානා ජෝන්ස්” ෆෑන්ස්ලගේ නම් දැනට පවතින ලොකුම පැනය වී හමාරය.
නැවත නැවත සිදුවන ප්‍රමාදයන් හේතුවෙන් නිල දර්ශන පට නැරඹීමට බලා සිටීමේ කාලය ද ඉතා දිගු මුහුණුවරක් ගනී. ඉන්ඩියානා ජෝන්ස් ලෙස හැරිසන් ෆෝඩ්ගේ අවසන් පෙනුම දැකීමට ප්‍රේක්ෂකයින් උනන්දුවෙන් බලා සිටින බැවින් මෙය ප්‍රේක්ෂකයන් අවුස්සන එක ට්‍රික් එකක් දෝ යන්න අපට හැඟේ. චිත්‍රපටයේ පින්තූර කිහිපයකින් එහාට මෙහාට වුවද ඒ පිළිබඳ ලොකු ප්‍රචාරණයක් නම් මේ වෙනකම් සිදුවී නොමැත. 2023 ත් කෙමෙන් කෙමෙන් ලං වන සේ “පස්වන ඉන්ඩියානා ජෝන්ස්” පූර්ව ප්‍රචාරක පටයකට මේ සුදුසුම කාලයයි.

ඡායාරූප; CASTELLAMMARE DEL GOLFO, ITALY – OCTOBER 18: Harrison Ford, Phoebe Waller-Bridge are seen on the set of “Indiana Jones 5” in Sicily on October 18, 2021 in Castellammare del Golfo, Italy. (Photo by Robino Salvatore/GC Images) Getty images
ඡායාරූප; Screen Rant

නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි