×

ඉන්දියාවේ මිලියන දෙකක් අබාධිත දරුවන් පාසැල් නොයයි

--------


ඉන්දියාවේ පාසල් යන වයසේ ආබාධිත ළමුන් මිලියන දෙකකට අධික සංඛ්‍යාවක් පාසැල් අධ්‍යාපනය නොලබන අනාවරණය කරගෙන ඇත.

අල්ජසීරා මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීනී චාර්ලට් බෙලීස් විසින් ඉදිරිපත් කරන ලද වාර්ථාවකට අනුව මේ සම්බන්ධව නීති සම්පාදනය කර තිබුණද ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොවීම මෙම තත්ත්වයට හේතු වී ඇත.

මූලික අධ්‍යාපනය හෝ නොලැබීම හේතුවෙන් විශේෂයෙන් එරට ආබාධිත දරුවන්ගේ අනාගත සුරක්ෂිත භාවය සමබන්ධව ගැටළු රැසක් ඉස්මත් වන බව එම වාර්ථාව විසින් පෙන්වා දෙයි.

විශේෂයෙන්ම කල්ලි වශයෙන් ක්‍රියාත්මක යාචක කණ්ඩායම් වලට මෙවැනි දරුවන් පැහැරගෙන යෑම හෝ විකුණා දැමීම හෝ සිදුවන අතර බෙහෝ අබාධිත දරුවන්ගේ ඉරණම වී ඇත්තේ මහමගයි.

මේ පිළිබදව ඇතැම් දෙමවුපියන් පවසන්නේ අාබාධිත දරුවන් අනෙක් දරුවන් අතරේ කොන්වීම හෝ සමච්චලයට ලක්වීම මග හැරීම සදහා සිතා මතා ඔවුන්ව පාසැල් නොයවන බවයි. මේ පිළිබදව ඉන්දීය රජයේ දැඩි අවධානය මේ වන විට යොමු වී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි