×

ඉන්දියාවේ සහල් තහනම රටවල් කුසගින්නේ තබනු ඇතිද?

ඉන්දීය සහල් අපනයන තහනම ගෝලීය ආහාර සුරක්‍ෂිතතාවට අහිතකර බැවින් ඉන්දියාව සහල් අපනයනය තහනම් කිරීමෙන් වැළකී සිටිය යුතු බව බොහෝ දෙනා විශ්වාස කරයි.


ඉන්දියාව ලෝකයේ ඉහළම සහල් අපනයනකරු වන අතර, ගෝලීය ධාන්‍ය වෙළඳාමෙන් 40% ක් පමණ ආවරණය කරයි.

ඉන්දීය රජය විසින් පසුගිය ජුලි 20 වෙනිදා ගෘහස්ථව ඉහළ යන දේශීය මිල ගණන් සන්සුන් කිරීමේ උත්සාහයක් ලෙස බාස්මතී නොවන සුදු සහල් අපනයනය තහනම් කිරීමත් සමඟ ඉන්දියානු සහල් ගැනුම්කරුවන් අතර ඉහළින්ම සිටින චීනය, පිලිපීනය සහ නයිජීරියාවේ සාමාණ්‍ය වෙළඳපොළ තැතිගැන්මකට ලක්ව තිබේ.

පසුගිය වසරේ ඉන්දියාව විසින් සහල් ටොන් මිලියන 22ක් රටවල් 140කට අපනයනය කර ඇති අතර ඉන්දීය රජය විසින් සහල් සඳහා අපනයන සීමා පැනවීමත් සමඟ එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ඉන්දියානු සිල්ලර වෙළඳසැල්වල හිස් සහල් රාක්ක පිළිබඳ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය පුරා සංසරණය වෙමින් පවතියි.

පසුගිය වසර පුරා ඉන්දියාව දැඩි ආහාර අර්බුදයක් සමඟ පොරබදමින් සිටින අතර දේශීය සහල් මිල 30% ට වඩා වැඩි වී තිබේ. එය එළැඹෙන මැතිවරණය හා ඉදිරි මාස කිහිපය තුළ පැවැත්වෙන රාජ්‍ය මට්ටමේ මැතිවරණ රැසක් සමඟ ජීවන වියදම ඉහළ යාම රජයට බරපතල අභියෝගයක් බවට පත්ව තිබේ.

ඉන්දීය සහල් අපනයන තහනම ගෝලීය ආහාර සුරක්‍ෂිතතාවට අහිතකර බැවින් ඉන්දියාව සහල් අපනයනය තහනම් කිරීමෙන් වැළකී සිටිය යුතු බව බොහෝ දෙනා විශ්වාස කරයි.

රටවල් 42 ක පමණ සහල් ආනයනයෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආරම්භ වන අතර බොහෝ අප්‍රිකානු රටවල සහල් ආනයනයේ ඉන්දියාවේ වෙළඳපල කොටස 80% ඉක්මවයි. ඉන්දියානු සහල් පරිභෝජනය කරන ආසියාවේ රටවල් වන බංග්ලාදේශය, භූතානය, කාම්බෝජය, ඉන්දුනීසියාව, තායිලන්තය සහ ශ්‍රී ලංකාව සහල් පර්භෝජනයෙන් 40% සිට 67% දක්වා පරාසයක පවතී. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Pierre-Olivier Gourinchas ගණන් බලා ඇත්තේ ඉන්දීය සහල් තහනම හේතුවෙන් මේ වසරේ ගෝලීය ධාන්‍ය මිල 15% දක්වා ඉහළ යා හැකි බවත්ය.

නව බෝග වෙළඳපොලට පැමිණීමට තව මාස තුනක පමණ කාලයක් ඉතිරිව ඇති බැවින් ගැටලු පැන නගිමින් තිබේ. දකුණු ආසියාවේ අයහපත් කාලගුණය ඉන්දියාවේ අසමාන මෝසම් වැසි සහ පකිස්ථානයේ ගංවතුර සැපයුම් වලට බලපා තිබේ. පොහොර මිල ඉහළ යාම නිසා සහල් වගා කිරීමේ පිරිවැය ඉහළ ගොස් ඇති අතර මුදල් ඒකක අවප්‍රමාණය වීම බොහෝ රටවල් සඳහා ආනයන වියදම් වැඩි කිරීමට හේතු වී තිබේ.

ඉන්දියාවේ කෘෂිකාර්මික ප්‍රතිපත්ති පිළිබඳ විශේෂඥයෙකු වන දේවීන්දර් ෂර්මා පවසන්නේ මෙවැනි තත්වයක් තුළ මිනිසුන්ට ආදායමෙන් වැඩි කොටසක් ආහාර මිලදී ගැනීම සඳහා කැප කිරීමට සිදුවන අතර එමඟින් ඔවුන් පරිභෝජනය කරන ආහාර ප්‍රමාණය අඩු කිරීමට, පෝෂණ ගුණයෙන් යහපත් නොවන විකල්ප වෙත මාරු වීමට හෝ නිවාස හා ආහාර වැනි අනෙකුත් මූලික අවශ්‍යතා සඳහා වියදම් කපා හැරීමට සිදුවනු ඇති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි