×

ගිනිගන්නා කෝවිල – සබරිමාලා

ගිනිගන්නා අරණ(ම)කට තටු ගහන්න දඟලන කිරිල්ලියෝ


ඉන්දියාවේ සබරිමාලා හින්දු කෝවිල අසල උද්ඝෝෂණයකින් පුද්ගලයෝ 2,200ක් අත් අඩංගුවට ගැනෙති. India’s Sabarimala: Over 2,000 arrested for blocking women from temple

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සබරිමාලා හින්දු කෝවිලට කාන්තාවන්ට ඇතුළුවීමට අවසරය ලබා නොදෙන මෙන් ඉල්ලා උද්ඝෝෂණය පැවැත් විණ. පිරිස උද්ඝෝෂණයේ යෙදී සිටියේ ඉන්දීය ශ්‍රේෂ්ඨධිකරණය පසුගිය දා ලබා දුන් තීන්දුවක් ද නොසලකා හරිමිනි.

GETTY IMAGES Image caption Sabarimala authorities say they don't want women to "distract" the temple deity

GETTY IMAGES
Image caption
Sabarimala authorities say they don’t want women to “distract” the temple deity

අවුරුදු 10ත් 50ත් අතර වයස් ඛණ්ඩයේ කාන්තාවන් හෙවත් ඔසප්වීම් කාල පරාසය තුළ සිටින කාන්තාවන්ට සබරිමාලා අය්යප්පන් හින්දු කෝවිලට ඇතුළුවීම සහ එහි ආගමික කටයුතුවල නියැලීම සම්ප්‍රදායෙන් තහනම් කර ඇත.

තහනමට හේතු වශයෙන් දැක්වෙන්නේ එම වයස් ඛණ්ඩයේ පසුවන කාන්තාවන්ගේ ආර්තව චක්‍රය ක්‍රියාත්මක බැවින් ඔවුන් අපිරිසිදුයැයි කියන මතයයි. තහනම කාන්තාවන්ට එරෙහිව දශක ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වෙමින් පැවතියේය.

මේ සම්ප්‍රදාය හේතුවෙන් සබරිමාලා කෝවිලේ පාලන අධිකාරිය කාන්තාවන්ටත් පුරුෂයන්ටත් දෙආකාරයකින් සලකනු ලැබෙන්නේයැයි කියා ඉන්දීය ශ්‍රෙෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කෙරිණ. ගැහැණු සහ පිරිමි දෙපාර්ශ්වයටම සබරිමාලා කෝවිලෙහි ආගමික වතාවත්වල යෙදෙන්නට හිමිකම ඇති බව පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දා තීන්දු කළේය.

එසේ වුවත් අධිකරණ තීන්දුව පිළිගන්නට නොකැමැති පිරිස් එහි වෙසෙති. කාන්තාවන් කෝවිලට ඇතුළුවීම වළකමින් ඔවුහු විටින් විට කලහකාරී අන්දමින් හැසිරෙන්ණෝ ය. පොලිසිය පවසන්නේ එසේ කලහකාරී අන්දමින් හැසිරෙන කාන්තාවන් සහ පිරිමින් යන දෙපාර්ශ්වයම අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවකි.

එම අත් අඩංගුවට ගැනීම් සිදුකර තිබෙන්නේ නීති විරෝධී ලෙස රැස්වීම යන කාරණය මුල් කරගෙන ය. ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරි ඉම්රාන් කුරේෂි බී.බී.සී.යට ඒ සම්බන්ධයෙන් පවසා තිබුණේ මෙවැන්නකි.

“… කාන්තාවන් කෝවිලට ඇතුළුවීම වළකාලීමට කටයුතු කරන පිරිසක් අපි අත්අඩංගුවට ගත්තා. අධිකරණ තීන්දුවට එරෙහිව ඔවුන් ප්‍රචණ්ඩකාරී අන්දමින් උද්ඝෝෂණය කරමින් සිටියේ. කෝවිල නැවත විවෘත වෙන්නේ නොවැම්බර් මාසයේදී. ඒ වනවිට මේ තත්ත්වය වෙනස් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. …”

කාන්තාවන් කිහිපදෙනෙකු සබරිමාලා කෝවිලට ඇතුළුවන්නට පසුගිය සතියේදී උත්සාහ දැරූ අතර එම කාන්තාවන්ව ආපසු හරවා යවන්නට උද්ඝෝෂකයෝ කටයුතු කළහ. එසේ වුවත් කාන්තාවෝ දෙදෙනක් කෝවිලෙහි ප්‍රධාන ගොඩනැඟිලි පරිශ්‍රය වෙත ළඟා වූවෝය. ඔවුන්ට උද්ඝෝෂණකරුවන්ගේ ගල් මුල් ප්‍රහාරවලට මුහුණ දෙන්නට සිදුවිණ. එම කාන්තාවන් දෙදෙනාට පොලිස් නිළධාරීන් සියයකට අධික සංඛ්‍යාවක් ආරක්ෂාව සපයමින් සිටි බව සඳහන් වේ.

බ්‍රහ්මචාරී අයියප්පන්

උද්ඝෝෂකයන් කියා සිටින්නේ අය්යප්පන් දෙවින්ගේ ප්‍රාර්ථනයන්ට අනුව කටයුතු කළයුතු යැයි කියාය. කෝවිල සම්බන්ධයෙන් රජයේ පාලනයන් සිදුවන්නේ එයට පටහැනිව බව ඔවුහූ පවසති. සබරිමාලා කෝවිලට ඇතුළුවීම කාන්තාවන්ට තහනම් කර තිබෙන්නේ ඔසප්වීම යන කාරණය නිසා පමණක් නොවන ඔවුන්ගේ විශ්වාසයයි. කෝවිල සම්බන්ධ මිත්‍යා කතාවලට අනුව අය්යප්පන් ජීවත්ව තිබෙන්නේ අවිවාහක පුද්ගලයකු හැටියටය.

ඔහු බ්‍රහ්මචාරීව ජීවත්වීමට සපත කර සිටි බව කියැවේ. මේ නිසා කෝවිලට කාන්තාවන්ට ඇතුළුවීම එදා සිටම තහනම් කර තිබී ඇතැයි කියා උද්ඝකයෝ පෙන්වා දෙති.

ආශීර්වාදය බලාපොරොත්තු වන වන්දනාකරුවන් අය්යප්පන් දෙවියන්ගේ එම ප්‍රර්ථනාව ද ඉටු කළයුතු බවට මතයක් ඇත.

ඉන්දියාවේ සෙසු හින්දු කෝවිල් කාන්තාවන් ඇතුළුවීම මුළුමනින්ම තහනම් කර නැත. එහෙත් ආර්තව කාලයේදී කාන්තාවන්ට කෝවිල් තුළට පැමිණීම සහ ආගමික කටයුතුවල නිරතවීම තහනම් බැව් දක්වා තිබේ.

 

පෙර ලිපිය-

ආර්තවය හැදුණු ගෑණුන්ට කුස්සියටවත් එන්න දුන්නෙ නෑ!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි