×

චන්ද්‍රයාන්-3 සිය මංඟල ගමනෙහි දර්ශන සමාජ මාධ්‍යට මුදා හළ වඟයි!

ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය විසින් චන්ද්‍රයාන්-3 හි රෝවරය මගින් ප්‍රථම වරට පෙන්වන නව දර්ශන සමාජ මාධ්‍යට මුදා හැර තිබේ. දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට ගොඩ බැස්ස පළමු රට බවට පත්වෙමින් ඉන්දියාව ඉතිහාසගත වී පැය කිහිපයකට පසුව මෙම වීඩියෝ දර්ශන ලබාගෙන ඇතිබවට වාර්තා වේ. එහි දැක්වෙන්නේ ප්‍රග්‍යාන් (ප්‍රඥාව සඳහා සංස්කෘත වචනයකි) බෑවුමකින් ලිස්සා ගොස් චන්ද්‍ර පෘෂ්ඨය මත පළමු පියවර […]


ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය විසින් චන්ද්‍රයාන්-3 හි රෝවරය මගින් ප්‍රථම වරට පෙන්වන නව දර්ශන සමාජ මාධ්‍යට මුදා හැර තිබේ.

දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට ගොඩ බැස්ස පළමු රට බවට පත්වෙමින් ඉන්දියාව ඉතිහාසගත වී පැය කිහිපයකට පසුව මෙම වීඩියෝ දර්ශන ලබාගෙන ඇතිබවට වාර්තා වේ.

එහි දැක්වෙන්නේ ප්‍රග්‍යාන් (ප්‍රඥාව සඳහා සංස්කෘත වචනයකි) බෑවුමකින් ලිස්සා ගොස් චන්ද්‍ර පෘෂ්ඨය මත පළමු පියවර තබමින් ගොඩබාන සිදුවීමයි.

ඉකුත් බදාදා සවස සැලසුම් කළ පරිදි වික්‍රම් ලෑන්ඩරය සාර්ථකව එහි භූමිය ස්පර්ශ කළ අතර එක්සත් ජනපදය, පැරණි සෝවියට් සංගමය සහ චීනයට පසුවසඳ මත මෘදු ගොඩබෑමක් සාක්ෂාත් කර ගැනීම සඳහා ඉන්දියාව ප්‍රභූ රටවල් සමූහයකට සම්බන්ධ වී ඇත.

https://www.bbc.com/news/world-asia-india-66613688

සටහන – නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි