×

ඉන්දියාවේ ප්‍රාන්ත රජය නිදහස් කර ස්ත්‍රී දුෂකයන් ශ්‍රේෂ්ඨාධිකරණය නැවත බන්ධනාගාරගත කරයි

ඉන්දීය රජයේ නිල වාර්තාවන්ට අනුව සෑම විනාඩි 17කට වරක්ම කාන්තාවක් දූෂණය වේ


සටහන – සශිකලා මධුෂාණි ජනවාරි 09,

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2002 දී හින්දු-මුස්ලිම් කෝලාහල අතරතුර ගැබිනි මුස්ලිම් කාන්තාවක් සමූහ දූෂණයට ලක් කළ බවට වරදකරුවන් වූ 11 දෙනෙකු නිදහස් කිරීමට ප්‍රාන්ත රජය ගත් තීරණය ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කර ඔවුන් නැවත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බව වාර්තා වේ.

2008 වසරේ මෙම දූෂකයන් 11 දෙනා 21 හැවිරිදි සහ ගැබිනියක් වූ බිල්කිස් බානෝ සමූහ දූෂණයට ලක් කිරීම, ඇගේ දියණිය බිම ගාසා මරා දැමිණ හා ඇයගේ පවුලේ සාමාජිකයන් 14 දෙනෙකු මරා දැමීම හේතුවෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ හින්දු මැර කල්ලියකට අයත් පිරිසක් විය.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය (BJP) විසින් නායකත්වය දෙන ගුජරාට් ප්‍රාන්ත රජය විසින් පිහිටුවන ලද උපදේශක මණ්ඩලයක් විසින් ගනු ලැබූ තීරණයකට අනුව ඔවුන් වසර 14 ක සිරදඬුවම් විඳීමෙන් පසු 2022 අගෝස්තු මාසයේදී නිදහස් කරන ලදී.

ඉන්දීය රජයේ නිල වාර්තාවන්ට අනුව සෑම විනාඩි 17කට වරක්ම කාන්තාවක් දූෂණය වන රටක ස්ත්‍රී දූෂකයන් 11 දෙනෙකු නිදහස් කිරීම ඉන්දියාව පුරා කෝපය ඇති කිරිමත හේතු විය. මේ වෙනුවෙන් මුලින්ම දුෂණයට ලක් වූ බිල්කිස් බානෝ ශ්‍රේෂ්ඨාධිකරණයට නව අභියාචනයක් ගොනු කරමින් සිය අනාරක්ෂික භාවය සම්බන්දයෙන් කරුණු ඉදිරිපත් කරන ලදී. අන් අනතුරුව ඇයට සහයෝගය දැක්වීමට කොල්කටා සිට මුම්බායි දක්වා විරෝධතාවයන් පැවැත්විය.

මේ සම්බන්ධයෙන් කරුණු විභාග කළ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මේ සම්බන්ධයෙන් වරදකරුවන් 11 දෙනා අධිකාරයකින් තොරව නිදහස් කිරීමේදී එහි අභිමතය පරිදි බලතල අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් ගුජරාට් රජයට දැඩි දෝෂාරෝපණය කර එම අවලංගු කර සති දෙකක් ඇතුළත නැවත බන්ධනාගාර බලධාරීන්ට වාර්තා කරන ලෙස නියෝග කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි