×

ඉන්දුනීසියා ගුවන් අනතුරේ 189 දෙනාම මරුට

සියලු දෙනා මිය ගිය බවට විශ්වාස කෙරේ. අනතුරට හේතුව තාක්ෂණික දෝෂයක්දැයි සැකයක්.


ඉන්දුනීසියානු ගුවන් අනතුරෙන් විපතට පත් ගුවන් යානාවේ ගමන් ගත් මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 189 දෙනාම මරුමුවට පත්වන්නට ඇතැයි විශ්වාස කරන බව ඉන්දුනීසියානු බලධාරීන් ප්‍රකාශ කරනවා.

සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

මෙහි ගුවන් නියමුවා වශයෙන් කටයුතු කර තිබෙන්නේ ඉන්දියානු ජාතික Bhavye Suneja බව සනාථ වී තිබෙනවා.

විශ්වාස කරන්නේ යානයේ යම්කිසි තාක්ෂණික දෝෂයක් තිබෙන්නට ඇති බවයි.

ඉන්දුනීසියානු ජනපති ජොකෝ විඩෝඩෝ Joko Widodo ගුවන් අනතුර සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසට එරට ගමනාගමන කොමිෂන් සභාව වෙත නියෝග කර තිබෙනවා.

මුල් ලිපිය –

ඉන්දුනීසියානු ගුවන් යානයක් මුහුදට කඩා වැටෙයි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි