×

ඉන්දුනීසියාවේ ලැවු ගිනි නිසා සිංගප්පූරුව සහ මලයාසියාව කළු දුමෙන් වැසේ

,


ඉන්දුනීසියාවට අයත් දූඵත් වන සුමාත්‍රා , ජාවා සහ කලිමන්ටන් හී වනාන්තරව ආශ්‍රිතව පැතිර ගිය ලැවු ගිනි හේතුවෙන් මේ වන විට තවත් රාජ්‍ය දෙකක් අපහසුතාවට පත් වී ඇත.

හෙක්ටයාර 930000 එනම් අක්කර මිලියන 2.3 ක පුරා පැතිර ගිය මෙම ලැවු ගින්න හේතුවෙන් ඒ අවට දහස් ගණණක් ජනයා ඉවත් තර ඇත.

මෙම ලැවු ගිනි හේතුවෙන් සිංගප්පූරුව සහ මලයාසියාවේ ජන ජීවිත වලට බාධාවන් එල්ල වෙමින් පවතින අතර මලයාසියානු රජය විසින් එරට ජනතාව වෙත මුහුණු ආවරණ මිලියනයකට අධික සංඛ්‍යාවක් බෙදා හැර ඇත්තේ දුමාරයෙන් බේරී සිටීම සදහාය. ඒ අතර මලයාසියාවේ පැසැල් 450ක් පමණ දින දෙකක් තිස්සේ වසා දමා ඇත.
වගා භූමි හෙළි කිරීම සදහා ගොවීන් විසින් තැබූ ගිනි පැතිරී යෑම මෙම ලැවු ගින්නට හේතුව බව එරට බලධාරීන් පවසයි.

මලයාසියාවේ මෙන්ම සිංගප්පූරුවේද වායු දූෂණ මට්ටම (API level) මේ වන විට ඉතා ඉහළ සෞඛ්‍ය සම්පන්න නොවන මට්ටමක් දක්වා වැඩි වී ඇති බව වාර්ථා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි