×

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.


සටහන: සශිකලා මධුෂාණි,මැයි 01,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් මස මුලදී පිපිරීම් මාලාවක් වාර්තා කළ ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද අද(01) උදැසන තෙවරක් පුපුරා ගිය බව ඉන්දුනීසියාවේ ආපදා අවම කිරීමේ නියෝජිතායතනය (BNPB) නිවේදනය කර තිබේ.

රුවන්ග් කඳු නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ප්‍රධානී ජුලියස් රමොපොලි පැවසුවේ, අද(01) උදැසන ගිනිකන්ද ආවාටයට ඉහළින් අළු සහ දුමාරය කිලෝමීටර් 5ක් (සැතපුම් 3ක්) වැඩි උසකින් යුත් ඝන වලාකුළු අහසට පිට කරමින් ඇති බවයි.

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති විය හැකි බවට බියක් ඇතිව ඇති අතර ගිනි කන්ද පිහිටා ඇති රුවන්ග් දූපතේ ජීවත් වූ සියලුම පදිංචිකරුවන් 843 දෙනා මැනාඩෝ වෙත යොමුකර තිබේ. එමෙන්ම යාබද Tagulandang දූපතේ සිට 12,000ක් පමණ පිරිසක් උතුරු දෙසින් පිහිටි Siau දූපත වෙත ඉවත් කරමින් ඇත.

ඉන්දුනීසියානු ගුවන් ගමනාගමන පාලන ආයතනයක් වන AirNav ප්‍රකාශ කර තිබුණේ, දුමාරය හේතුවෙන් Manado සහ Gorontalo නගරය ඇතුළුව ගුවන් තොටුපළ හතක් වසා දැමීමට කටයුතු කළ බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි