×

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

2014- ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධව Commission on the Status of Women (CSW58) සමුළුවේ 58 වන සැසිවාරය පැවැත්වූ අතර කාන්තාවන් සහ දැරියන් වෙනුවෙන් Millennium Development Goals තුළ අභියෝග, ජයග්‍රහණ, ක්‍රියාවට නැංවීම සම්බන්ධව කටයුතු කරන ලදී.


 

අද ජාත්‍යන්තර කාන්තා දිනයයි. ලෝකය පුරා වැඩිම රටවල් පිරිසක් එක් වර කිසිදු ජාති , ආගමික හෝ සංස්කෘතිකමය බේදයකින් තොරව සමරණ දිනයන්ගෙන් එකක් වන ලෝක කාන්තා දිනය ආරම්භ වන්නේ විසිවන සිය වසයේ උතුරු ඇමරිකාවේ සහ යුරෝපය පුරා කම්කරු ව්‍යාපාර වල මූලිකත්වයෙනි.

කාන්තාවට සහ පුරුෂයා සමානාත්මතාවයෙන් යුතු යැයි මූලධර්මයන් තහවුරු කිරීම සදහා වූ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අත්සන් කරන ලද්දේ 1945 වසරේදීය

නමුත් ජාත්‍යන්තර කාන්තා දිනයේ ඉතිහාසය ඊට වසර ගණනක් ඈතට දිව යයි.
1909 – පළමු ජාතික කාන්තා දිනය පැවතුනේ පෙබරවාරි 28 වන දිනයි. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ දීය. ඇමරිකානු සමාජවාදී පක්ෂය විසින් මෙම කාන්තා දිනය ඇමරිකානු සමාජවාදී පක්ෂය විසින් 1908 වසරේදී ඇගළුම් සේවිකාවන් පිරිසක් විසින් තම සේවා කොන්දේසි වලට විරුද්ධව වර්ජනයක නියැළුන කාන්තාවන් සිහි ගන්වමින් සංවිධානය කරන ලදී. මුලින් එය නම් කළේ ජාත්‍යන්තර වැඩකරන කාන්තාවන්ගේ දිනය නමිනි.

1910- මෙම වර්ෂයේදී කෝපන්හේගන් හී පැවති අන්තර්ජාතික සමාජවාදී සමුළුවේදී කාන්තා දිනය නම් කරන ලද අතර එය කාන්තාවන්ගේ අයිතිවාසිකම් සදහා වූ ව්‍යාපාරය සහ කාන්තාවන් සදහා ජාත්‍යන්තර වශයෙන් ඡන්ද අයිතිය ලබා දීම සදහා සහයා දැක්වීම මූලික අරමුණ බවට පත් කර ගෙන තිබුණි. මෙහිදී රටවල් 17ක කාන්තාවන් 100 දෙනෙකු සදහා ගෞරවය ලබා දුන් අතර ඒ අතරෙහි පින්ලන්ත පාර්ලිමේන්තුවට මුලින්ම පත් වූ කාන්තාවන් තිදෙනාගේ නම්ද ඇතුළු විය. නමුත් කාන්තා දිනය යැයි නිශ්චිත දිනයක් නම් කරනු නොලැබුණි.

1911- කෝපන්හේගන් හී සමුළුවේ ප්‍රතිපලයක් ලෙස මුල්ම වතාවට ඔස්ට්‍රියාව , ඩෙන්මාර්කය , ජර්මනිය සහ ස්විට්සර් ලන්තය යන යුරෝපා රටවල් විසින් මාර්තු මස 19 වන දා ලෙසට නමු කරන ලදී, ඒ මිලියනයකට වඩා කාන්තාවන් සහ පිරිමින් සහභාගී වූ ඡන්ද අයිතිය සහ රාජ්‍ය ආයතන වල සේවය සදහා කාන්තාවන් සදහා අයිතිවාසිකම් ලබා දෙන ලෙස ඉල්ලීම් කරමිනි.
1913-1914 පළමු ලෝකයුද්ධයේ තවත් එක් යාන්ත්‍රණයක් බවට කාන්තා දිනය පත් විය . ඒ සාමය සදහා වූ ව්‍යාපාරය තුළය. රුසියානු කාන්තාවන් සිය පළමු කාන්තා දිනය ලෙස සෑම පෙබරවාරි මාසයකම අන්තිම ඉරිදාව නම්කරන ලදී.

1917 ලෝකයුද්ධයේ පසු ක්‍රියාකාරකම් යටතේ රුසියානු කාන්තාවන් විරෝධතා සහ වර්ජන ” පාන් සහ සාමය” වෙනුවෙන් පැවැත්වූ අතර එය මුලින්ම සන්විධානය වූයේ මෙම වසරේ පෙබරවාරි මස අන්තිම ඉරිදා දිනයේදී හෙවත් ජෝර්ජියානු කැලැන්ඩරයට අනුව මාර්තු 8වන දිනයි. මීට දින 4කට පසු රුසියාව කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබා දෙන ලදී.

1975 ජාත්‍යන්තර කාන්තාවන්ගේ වර්ෂය ලෙස මෙම වර්ෂය නම්කරන ලද අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිළ වශයෙන් මාර්තු 8 වන දින කාන්තා දිනය සැමරීමට කටයුතු කරන ලදී,

1995 බීජිං ප්‍රකාශනය සහ ක්‍රියාකාරකම් සදහා වූ වේදිකාවක් යන ද්විත්වය වෙනුවෙන් වූ ඓතිහාසික ගිවිසුම් කාන්තාවන් වෙන්අවෙන් ලෝකයේ රටවල් 189ක් විසින් අත්සන් කරන ලදී. එහිදී මූලික වශයෙන් අර්බුධකාරී තත්ත්වයන් 12ක් සම්බන්ධව අවධානය යොමු කරන ලදී, එහිදී ලෝකයේ සෑම කාන්තාවකටම සහ දැරියකටම තමන්ගේ කැමැත්ත පරිදි සිය ජීවිතයේ දේශපාලන තීරණ වලදී, අධ්‍යාපන තීරණ වලදී, ආදායම සමබන්ධ තීරණ වලදී, මෙන්ම තමන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ වෙනස්කොට සළකන පරිසරයකින් තොරව ජීවත් වීම යන තීරණ ඇතුළු තීරණ ගැනීමේ අයිතිය සමබන්ධ පූර්ණ අයිතිවාසිකම් හිමි විය යුතු බවට අවධාරණය කරන ලදී.

2014- ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධව Commission on the Status of Women (CSW58) සමුළුවේ 58 වන සැසිවාරය පැවැත්වූ අතර කාන්තාවන් සහ දැරියන් වෙනුවෙන් Millennium Development Goals තුළ අභියෝග, ජයග්‍රහණ, ක්‍රියාවට නැංවීම සම්බන්ධව කටයුතු කරන ලදී.

2015- ලෝකයේ රටවල් විසින් 2030 සදහා වන Sustainable Development Goals තිරසාර සංවර්ධවර්ධන අරමුණු පිහිටුවන ලද අතර එහිදී පස් වන අරමුණ ලෙස සෑම කාන්තාවක් සහ දැරියක්ම බලගැන්වීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්ම තාව ඇතුල් කරන ලදී.

 


 


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි