×

iPhone 14 Pro කැමරාවේ glitch එකක්?

මෙය iPhoneහී inbuilt Camera app එකට බලපෑමක් සිදු නොකරයි.


පසුගියදා නිකුත් වූ iPhone 14 Pro සහ iPhone 14 Pro Max දුරකතන මිලදී ගත් ඇතැම් පරිශීලකයන් විසින් මේ වන විට එහි කැමරාවන් වල ඇති ගැටළුවක් පිළිබඳව මැසිවිලි නඟමින් සිටියි. එහිදී camera lens එක පාලනයකින් තොරව ශබ්දයක් නගමින් ක්‍රියාකරන බවත් සුපුරුදු ලෙස කැමරාවෙන් රූප දර්ශනය නොවන අතර එම රූප glitchy ස්වභාවයක් ගන්නා බවයි ඔවුන් පවසන්නේ.

විශේෂයෙන්ම Instagram, TikTok, සහ Snapchat වැනි 3rd party apps භාවිතා කිරීමේදී අමුතු ශබ්දයන් නගමින් කැමරාව සෙලවෙන බව ඔවුන් තව දුරටත් පවසා ඇත.

පරිශීලකයන් පවසන්නේ සිය iPhone 14 Pro/ Pro Max දුරකතනයේ කැමරාව වේගයෙන් vibrate වීමට ආරම්භ වී ඇති අතර ලබා ගන්නා ඡායාරූපය මුළුමනින්ම glitchy ස්වභාවයක් ගෙන ඇති අතර කැමරාව ශබ්ද නගමින් සෙලවෙන අතර එන් නිකුත් වන හඬ තරමක් දුරට අසාගෙන සිටිය නොහැකි තරමේ ශබ්දයකි.

@heatherr_hale

Is anyone elses doing this? It works fine and then it does that so weird #iphone14 #iphone14promax #iphone #fyp #fypシ #foryou #foryoupage #iphone14pro

♬ original sound – Heather

මෙය iPhoneහී inbuilt Camera app එකට බලපෑමක් සිදු නොකරයි. ඒ අනුව මෙය 3rd party apps වලින් පැන නගින දෝෂයක් බව නිගමනය කල හැකියි. මේ සඳහා අදාල apps නිර්මාණය කරන ආයතනයන් විසින් අදාල ගැටළුවන් නිරාකරණය කර iPhone 14 Pro මාදිලීන් සඳහාම විශේෂීවූ යාවත්කාලීන කිරීමක් නිකුත් කල යුතු බව මත පල වේ.

මෙම ගැටළුව හරහා දුරකතනයට සිදු වන හානිය පිලිබඳව නම් තවමත් කිසිදු අදහසක් පල වී නැහැ.

Source: The Verge



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි