×

‘ ඇමරිකාව මහා සාතන් කෙනෙක් ‘- ඉරාන ජනාධිපති

ඉරාන ජනාධිපතිවරයා මෙහිදී චෝදනා කර තිබුණේ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් පසුගිය දා අපි ඉරානයේ නිර්භීත කාන්තාවන් සමඟ සිටින බවත්, ඉරානයේ අවධිවූ අඬ මා මාවිතයට පත් කිරීමට සමත් වූ බවට ප්‍රකාශ නිකුත් කිරීම, වෙනත් රටක භීෂණය හා විනාශය අවුස්සන බවයි.


මීට සති පහකට පමණ පෙර හිජාබය වැරදි ලෙස පැළඳීම හේතුවෙන් ඉරානයේ සදාචාර පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය ගිය මහ්සා අමේනිගේ මරණයෙන් අනතුරුව ඉරානය පුරා කාන්තාවන්, පාසල් ළමුන් මෙන්ම නොයේකුත් මානව හිමිකම් කණ්ඩායම් නිදහස හා සමානාත්මතාවය පතා ලෙන ගිය අණ්ඩු විරෝධී ව්‍යාපාරයන් සියල්ල ඇමරිකා එක්සත් ජනපදය විසින් මෙහෙය වන බවට ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි චෝදනා කර තිබේ.

ඉරාන ජනාධිපතිවරයා මෙහිදී චෝදනා කර තිබුණේ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් පසුගිය දා අපි ඉරානයේ නිර්භීත කාන්තාවන් සමඟ සිටින බවත්, ඉරානයේ අවධිවූ අඬ මා මාවිතයට පත් කිරීමට සමත් වූ බවට ප්‍රකාශ නිකුත් කිරීම, වෙනත් රටක භීෂණය හා විනාශය අවුස්සන බවයි. එනම් මෙමඟින් විරෝධතාකරුවන් තවත් බලසම්පන්නව ඇති බව පෙන්වා දෙන ඉරාන ජනාධිපති ඇමරිකා එක්සත් ජනපදය මහා සාතන් කෙනෙක් වශයෙන් හඳුන්වා ඇත. ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ද ඉරානයේ විරෝධතා උසිගැන්වීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට දොස් පවරා ඇත.

මේ වන විටත් විරෝධතා පැවැත්වෙන අතර ඉන් සිවිල් වැසියන් විශාල පිරිසක් හා ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක්ද මිය ගොස් විරෝධතා කරුවන් සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබේ. ඉරාන විදේශ කටයුතු ප්‍රකාශක නසාර් කනානි ඊයේ(16)දින මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ වසර ගණනාවක් අසාර්ථක වූ දේශපාලන නායකයකුලේ ඇඟිලි ගැසීම් වලින් ඉරානය බිඳ නොවැටෙන බවයි.


කෙසේ නමුත් එක්සත් ජනපදය විසින් ඉරානයේ විරෝධතාවයන් ප්‍රචණ්ඩ ලෙස මර්දනය කිරීම හේතුවෙන් අදාළ නිලධාරීන් හා සදාචාර පොලීසියට එරෙහිව ඔක්තෝබර් 6දා නව සම්බාධක පවනා ඇත.

සශිකලා මධුෂාණී_

සබැඳි ලිපි : https://outboundtoday.com/biden-calls-on-iran-to-end-violence-against-citizens/



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි