×

ගල්ෆ් මුහුදේ පලා යාමට උත්සහ කළ තෙල් නැවක් ඉරානයේ අත්අඩංගුවට

එක්සත් ජනපද නාවික හමුදාව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ පසුගිය වසර දෙක තුළ ඉරානය අවම වශයෙන් මැද පෙරදිග යාත්‍රා කළ වාණිජ යාත්‍රා පහක් නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.


මාෂල් අයිලන්ඩ්ස් ධජය සහිතව කුවේට් සිට එක්සත් ජනපදයේ ටෙක්සාස් හි හූස්ටන් බලා යමින් සිටි ඇඩ්වාන්ටේජ් ස්වීට් නම් තෙල් නවුකාව ඉරාන හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම තෙල් නැව ඕමාන් බොක්කේදී ඉරාන බෝට්ටුවක ගැටීමෙන් කාර්ය මණ්ඩලය කිහිප දෙනෙකුට තුවාල සිදු කර පලා යමින් සිටියදී පර්සියානු ගල්ෆ්හිදී ඉරාන හමුදාවේ නාවික හමුදාව විසින් අල්ලා ගන්නා ලද බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද නාවික හමුදාව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ ඇඩ්වාන්ටේජ් ස්වීට් නම් තෙල් නවුකාව ජාත්‍යන්තර මුහුදට සංක්‍රමණය වෙමින් සිටියදී ඉරාන හමුදාව විසින් අල්ලා ගනු ලැබූ බවත්, එය වහාම නිදහස් කළ යුතු බවත්ය. එමෙන්ම ඔවුන් මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ පසුගිය වසර දෙක තුළ ඉරානය අවම වශයෙන් මැද පෙරදිග යාත්‍රා කළ වාණිජ යාත්‍රා පහක් නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඉරානය සහ එක්සත් ජනපදය මෑත වසරවලදී ගල්ෆ් කලාපයේ විවිධ මතභේදාත්මක සිදුවීම් රැසකට මුල් වූ අතර ටෙහෙරානය විසින් සිදු කරන ලද මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය සඳුදා ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකායට එරෙහිව සම්බාධක පනවා දිනකට පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබිණි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි