×

කොරෝනා රෝගීන් සය දෙනෙකු මිය යෑමත් සමග ඉරානයේ පාසැල් සහ විශ්වවිද්‍යාල වසා දමා දමයි

.


 

ඉරානයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වැඩිවීඹත් සමග මේ වන විට මිය ගොස් ඇති සංඛ්‍යාව 6ක් ලෙස වාර්ථා වේ. මෙම තත්ත්වය හේතුවෙන් මේ වන විට එරට පාසැල් සහ විශ්වවිද්‍යාල ඇතුළු අනෙකුත් සංස්කෘතික මධ්‍යස්ථාන වසා දමන්නට ඉරාන රජය තීරණය කර ඇත.

රෝගය හේතුවෙන් මිය ගිය සියලු පුද්ගලයන් ඉරාන ජාතිකයන් යැයි විශ්වාස කෙරෙන අතර ඒ අනුව චීනයෙහි හැරෙන්නට චීනයෙන් පිටත රටක් තුළ වැඩිම දේශීයයන් සංඛ්‍යාවක් මිය ගිය රට ඉරානය වෙයි. පසුගිය දෙසෙැම්බර් මාසයේ COVID- 19 හෙවත් කොරෝනා හේතුවෙන් චීන ජාතිකයින් 2345කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති අතර චීනයෙන් පිටත අවෙක් රටවලදීද විශාල පිරිසක් රෝගය ආසාදනය වී මිය ගොස් ඇත. පළමු වතාවට පසුගිය බදාදා ඉරානය තුළ කොරෝනා රෝගීන් දෙදෙනෙකු ෂියා මුස්ලිම් පූජනීය නගරයක් වන ක්වෝම් තුලදී හදුනා ගනු ලැබීයත අනෙකුත් රෝගීන්ද වාර්ථා වී ඇත්තේ ක්වෝම් නගරය ආශ්‍රිතවයි.

ඉරානය සැක කෙරෙන්නේ සිය රට තුළ රෝගය ව්‍යාප්ත වන්නට හේතුව වන්නට ඇත්තේ චීන කම්කරුවන් බවයි.
මේ අතර, ටෙහෙරාන් නගරය තවදුරටත් දැනුම් දෙන තුරු උමං දුම්රිය ස්ථානවල ඇති සියලුම බිස්ට්‍රෝ සහ ජල නල වසා දැමීමට තීරණය කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි