×

ඉරානය මධ්‍යම බලැති මිසයිලයක් අත්හදා බලයි – ඇමරිකානු බලධාරීහු පවසති

පසුගිය බ්‍රහස්පතින්දා (25) දින ඉරානය මධ්‍යම බලැති මිසයිලයක් අත්හදා බැලූ බව ඇමරිකානු බලධාරීන් ෆොක්ස් ප්‍රවෘත්ති සේවය වෙත පවසා තිබේ.


පසුගිය බ්‍රහස්පතින්දා (25) දින ඉරානය මධ්‍යම බලැති බැලිස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව ඇමරිකානු බලධාරීන් ෆොක්ස් ප්‍රවෘත්ති සේවය වෙත පවසා තිබේ. 

එලෙස අත්හදා බැලූ මිසයිලය ෂහබ්-3 මිසයිලයක් බවත්, ටෙහ්රාන් කලාපයෙන් බැහැරව සැතපුම් 600 ක (කිලෝමීටර 1000) පමණ දුරක් දක්වා ගමන් කරවා ඇති බවත් වාර්තා වේ. 

මෙම අත්හදා බැලීම ඉරානයේ මිසයිල් ප්‍රහාර නිකුත් කිරීමේ කාර්‍යක්ෂමතාව බලගැන්වීම සඳහා සිදුකළ පරීක්ෂාවක් බවට තමා සැකකරන බවට ඇමරිකානු බලධාරීන් ෆොක්ස් ප්‍රවෘත්ති සේවයට පවසා තිබේ. 

මීට අමතරව, වෙනත් තොරතුරු ලබා දීමට එම බලධාරීහු ප්‍රතික්ෂේප කර ඇති බවට ද වාර්තා වේ. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි