×

සෞදියේ ඉරානයට අයත් තෙල් ටැංකියක පිපිරීමක්!

පිපිරීමෙන් ජීවිත හානි වාර්තා වී නොමැත.


සෞදි අරාබි වරායට යාබදව පිහිටි ඉරානයට අයත් තෙල් ටැංකියක අද (11) දින පිපිරීමක් හට ගෙන තිබේ.

සෞදියේ ජෙඩා වරාය නගරයට යාබදව පිහිටා තිබූ මෙම තෙල් ටැංකිය ප්‍රහාර දියත් කිරීමක් මත දීමක් මත සිදුවූ පිපිරීමක් බවට සැකකෙරේ.

විශේෂඥ පරීක්ෂණ අනුව, මෙම ප්‍රහාරය ත්‍රස්ත කල්ලි විසින් දියත් කරනු ලද ඇති බවට විශ්වාස කෙරෙන බවට ඉරාන ISNA පුවත් සේවය වාර්තා කර සිටියේය.

පිපිරීමට ලක්වූ තෙල් ටැංකිය රැගත් යාත්‍රාව සෞදි අරාබියේ ජෙඩා වරාය නගරයේ සිට සැතපුම් 60 ක් පමණ දුරකින් පිහිටා තිබූ අතර, පිපිරීමත් සමඟ යාත්‍රාවට බරපතල අලාභ හානි සිදුවී ඇත. පිපිරීම නිසා රතු මුහුදේ තෙල් පාවීමට පටන් ගෙන ඇති අතර, තත්ත්වය පාලනය කිරීමට බලධාරීන් කටයුතු කරමින් පවතී.

මෙම පිපිරීමෙන් ජීවිත හානි වාර්තා වී නොමැත.

ප්‍රහාරයට වගකිව යුතු පාර්ශවයක් තවමත් වාර්තා වී නොමැති අතර, මේ පිළිබඳ විමර්ශන කටයුතු දියත් වෙමින් පවතී. කෙසේ වෙතත්, ඉරානය හා සෞදි අරාබිය අතර පවතින අර්බුදකාරී වාතාවරණය මත මෙය සිදුවූවාද යන්න පිළිබඳව ද ඇතැමුන් මත පළ කරනු දක්නට ලැබිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි