×

ඇමරිකන් ඩොලර් 1ක් රියාල් 41,634 ඉක්මවයි

රියාල් මිල සීඝ්‍රයෙන් පහත වැටීමත් සමඟ ඉරාන මහ බැංකුවේ හිටපු මහ බැංකු අධිපති අලි සලේහබාඩි ද සේවයෙන් පහ කර ඇත.


මේ වන විට ඉරානයේ මුදල් ඒකකය ඉතිහාසයේ වාර්තාගත අවම අගයකට පැමිණ තිබේ.

එනම් එක්සත් ජනපද ඩොලරය විවෘත වෙළඳපොලේ පළමු වතාවට රියාල් 450,000 සීමාව ඉක්මවා ගොස් ඇත. රියාල් මිල සීඝ්‍රයෙන් පහත වැටීමත් සමඟ ඉරාන මහ බැංකුවේ හිටපු මහ බැංකු අධිපති අලි සලේහබාඩි ද සේවයෙන් පහ කර ඇත.

ඔහු වෙනුවට පත් වූ මොහොමඩ් රීසා ෆර්සින් සියයට 40 ක උද්ධමන අනුපාතයක් තුළ මිල ස්ථාවරව තබා ගැනීමේ උත්සාහයක් ලෙස අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ඩොලරයට සාපේක්ෂව රියාල් 285,000 ක් ලෙස කෘතිමව තබා ගැනීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

දිගින් දිගටම රියාල් අගය පහත වැටීම හේතුවෙන් එක්සත් ජනපද සම්බාධක නොතකා ඉරාකයේ ඉරානයේ මුදල් යුරෝ මිලියන 300 ක් (ඩොලර් මිලියන 326 ක්) වෙළඳපොළට එන්නත් කළ බව ඉරාන මහ බැංකුව විසින් නිවේදනය කර තිබේ.

මේ සතියේ රියාල් අවප්‍රමාණය පැමිණෙන්නේ පසුගිය සැප්තැම්බරයේ සිය පැන නැගි විරෝධතාවයන් මධ්‍යයේය. මේ බව විට ඉරානය හා බටහිර රටවල් අතර උණුසුම් ආතතීන් මතුව ඇති අතර, පසුගියදා යුරෝපා කොමිසම මඟින්, ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) “ත්‍රස්තවාදී” සංවිධානයක් ලෙස නම් කරන ලෙසත්, උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි, ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ වෙනත් අයට සම්බාධක පැනවීමට අනුමත කෙරිණ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි