×

පාස්කු දා ප්‍රහාරයේ වගකීම ISIS බාරගෙන

ISIS සංවිධානයට සහය පල කරන පිරිස් විසින් ප්‍රචාරය කර තිබූ ඡායාරූප කිහිපයකම National Thowheed Jamaath (NTJ) නායක මවුලවි සහරන් හාෂීම් ගේ ඡායාරූපද අතුලත් විය.


පුද්ගලයින් 320කට ආසන්න ප්‍රමාණයක් මරණයට පත් කරමින් පසු ගිය පාස්කු දිනයේ ශ්‍රී ලංකායේ ස්ථාන 8කදී සිදු කළ මරගෙන මැරෙන ප්‍රහාරයන්ගේ වගකීම ISIS ජාත්‍යන්තර ත්‍රස්ත වාදී සංවිධානය විසින් භාර ගෙන ඇති බව රොයිටර් ඇතුළු ජාත්‍යන්තර ප්‍රවෘත්ති වාර්ථා පෙන්වා දෙයි.

ISIS ත්‍රස්තවාදී සංවිධානට සම්බන්ධ පුවත් ඒජන්සිය වන AMAQ ප්‍රචාරක ඒජන්සිය විස්න අද උදෑසන මේ පිළිබද වගකීම ISIS විසින් භාර ගන්නා බවට දන්වා ඇතැයි වාර්ථා වන අතර මෙය පසුගියදා නවසිලන්තයේ ක්‍රයිස්චර්ච් ඉස්ලාම් දේවස්ථානයේදී මුස්ලිම් බැතිමතුන් 50 දෙනෙකු වෙඩි තබා මරා දැමීම වෙනුවෙන් එකට එක කිරීමක් ලෙසද මේ පිළිබදව වාර්ථා කරමින් ඩේලි මේල් පුවත් පතෙහි වෙබ් අඩවිය සදහන් කරයි.

කෙසේ වෙතත් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය වරයා අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටියේ මේ පිළිබද සිදු කළ මූලික විමර්ෂණ වලින් අනාවරණය වන්නේ
මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවයි.

මේ අතර මෙතෙක් පර්යේෂණ වලදී මෙම ප්‍රහාරයට දායක වූ දේශීය ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් දෙකක් පිළබදවද කරුණු අනාවරණය වෙමින් පැවතියේය. National Thowheed Jamaath (NTJ) සහ Jamaat-ul-Mujahideen India (JMI එම සංවිධාන දෙකයි.

ISIS සංවිධානයට සහය පල කරන පිරිස් විසින් ප්‍රචාරය කර තිබූ ඡායාරූප කිහිපයකම National Thowheed Jamaath (NTJ) නායක මවුලවි සහරන් හාෂීම් ගේ ඡායාරූපද අතුලත් විය. පසුගයදා බුද්ධි අංශ වලින් සොයා ගත් තොරතුරු වලින්ද පෙන්වා දී ඇත්තේ මෙම පුද්ගලයා හා සංවිධානය පිළිබදවයි.

කෙසේ වෙතත් තවමත් ISIS නාලිකා තුළ මෙම ඡායරෙූප හෝ විස්තර තවමත් ප්‍රකාශයට පත් කර නැත.
මේ අතර අද අනාවරණය වූයේ පරීක්ෂණ වලදී හෙළි වූ බෝම්බ කරුවන් දෙදෙනෙකු ධනවත් කුළු බඩු ව්‍යාපාරිකයෙකු පුතුන් දෛනෙකු බවයි. ඔහු විසින් මෙම ප්‍රහාරයේ ප්‍රධාන භූමිකාවක් රග දක්වා ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇත.

මෙම ප්‍රහාරකයන් විසින් තවත් සුප්‍රසිද්ධ හෝටලයකට ප්‍රහාර එල්ල කිරීමට සැළසුම් කළද එය ව්‍යර්ථව ගොස් ඇත.

https://www.dailymail.co.uk/news/article-6950223/ISIS-claim-responsibility-Sri-Lanka-terror-attack-police-say-Christchurch-retaliation.html?ito=social-facebook&fbclid=IwAR28ccjw-h0M_P2657otDWDOSmsY1DTKEfJCiDCwph-5ONhIW7hcicR-Cus&fbclid=IwAR0gSc2UjS8Oto_DT2BCANaeom-O-hiRiy90xisjYoRd33bV1OPrwEmXP-c



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි