×

ISIS ඉන්දියාවේ අලුත් ශාඛාවක් පිහිටුවයි!

අයිසිස් සංවිධානය විසින් සිය අලුත්ම ශාඛාව ඉන්දියාවේ කාශ්මීරයේ ස්ථාපනය කර තිබේ.


සිය අමාක් නිව්ස් ඒජන්සිය (Amaq News Agency) හරහා එතරම් කැපී නොපෙනෙන පුවතක් ලෙසට මේ බව ඔවුන් විසින් නිවේදනය කර තිබේ.

ඔවුන් මෙම ඉන්දියානු ශාඛාව හඳුන්වන්නේ ‘‘වාලියාද් ඔෆ් හින්ද්‘ “Wilayah of Hind”හෙවත් ‘ඉන්දියානු පළාත‘ වශයෙනි.

Times Now
Times Now

කාශ්මීරයේ සන්නද්ධ භටයන් සහ ඉන්දියානු හමුදාව අතර උග්‍ර ගැටුම් ඇති වූ මැයි 10 වැනිදායින් පසු ඔවුන් විසින් මෙම නිවේදනය නිකුත් කර ඇති බව සඳහන් ය.

කෙසේ නමුත් ජම්මු කාශ්මීරයේ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් විසින් මෙවැනි දෙයක් සිදු වී නැති බව කියා ඇති බව ද වාර්තා වේ.

නමුත් අයිසිස් අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් ට්‍රැක් කරන SITE Intel Group හි අධ්‍යක්ෂිකා රීටා කාට්ස් මෙසේ පවසයි. ‘‘අයිසිස් විසින් සිය ‘නව ඉන්දියානු පළාත‘ නමින් ශාඛාවක් ස්ථාපනය කර තිබේ. තවද අමිෂිපෝරා හි ඉන්දියානු හමුදාවට මැෂින් ගන් ප්‍රහාර එල්ල කිරීමේ වගකීම ද ඔවුන් විසින් භාරගෙන තිබේ.“

මේ අතර ඇතැම් විචාරකයන් පෙන්වා දෙන්නේ අයිසිස් සංවිධානය විසින් මෙසේ කරන්නේ ගෝලීය වශයෙන් සිය ත්‍රස්ත ජාලය තවදුරටත් සවිමත් වෙමින් යන බව පෙන්වාලීමේ උපක්‍රමයක් වශයෙන් ද බවයි.

මේ අතර, අයිසිස් සංවිධානය කාශ්මීරයේ සිට ඉන්දියානු හමුදාවට 2017 නොවැම්බරයේ පටන් නොකඩවා ප්‍රහාර එල්ල කරමින් සිටියි. ඊට පෙර ඔවුන් ප්‍රහාර එල්ල කළේ කොරොසාන් පළාත් ශාඛාව ලෙස හැඳින්වුණු ත්‍රස්ත සබඳතා ජාලය සමග එක්ව ය. 2015 වසරේදී පිහිටුවාගෙන ඇති එය, ‘ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය සහ අවට භූමි‘අල්ලා ගැනීමේ අරමුණින් ප්‍රහාර දියත් කළ බව සඳහන් ය.

මූලාශ්‍රය – ඉකොනොමික් ටයිම්ස්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි