×

ISMAIL HANIYEH ඉරානයට!

ඔහු එරටට යෑමේ ප්‍රධාන අරමුණ වන්නේ ඉරාන බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීම සඳහා බව වාර්තා වේ.


සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 26 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (26) දින හමාස් නායක  Ismail Haniyeh ඉරානයට යෑමට නියමිත බව වීදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු එරටට යෑමේ ප්‍රධාන අරමුණ වන්නේ ඉරාන බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීම සඳහා බව වාර්තා වේ.

ඔක්තෝබර් 07 වනදා හමාස් – ඊශ්‍රායල ගැටුම් ආරම්භ වීමෙන් අනතුරුව හමාස් නායකයා ඉරානය ට යන දෙවැනි අවස්ථාව මෙය වන අතර හමාස් සංවිධානයේ ප්‍රධාන සහායකයා ද ඉරානය වේ.

ගාසා තීරයේ ගැටුම් සඳහා වහාම සටන් විරාමයක් අවශ්‍ය බවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඊයේ සම්මත කළ යෝජනාව සම්බන්ධයෙන් ද හමාස් නායකයා සිය ප්‍රසාදය ප්‍රකාශ කර ඇති බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි