×

උතුරු ඊශ්‍රායලය ඉලක්ක කරන බව හිස්බුල්ලා සංවිධානය අනතුරු අඟවයි

ඊශ්‍රායල ජාතිය ජයග්‍රහණයේ ඉලක්කයට එක්සත්ව සිටී..


ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය විසින් උතුරු ඊශ්‍රායලයේ ස්ථාන පහක් ඉලක්ක කරගත් බව සඳහන් කිරීමත් සමඟ ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දේශ සිමාවේ කිලෝමීටර් 2ක් (සැතපුම් 1.2ක්) ඇතුළත ගම් 28ක පදිංචිකරුවන් ඊශ්‍රායල හමුදාව විසින් ඉවත් කළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

එම පිරිස රාජ්‍ය සහනාධාර සහිත ආගන්තුක නිවාස වෙත ගෙන යනු ඇති අතර හමාස් සමඟ දකුනු ඊශ්‍රායලයේ ගැටුමට සමගාමීව හිස්බුල්ලා සමග වෙඩි හුවමාරුවකින් අනතුරුව මෙය සිදු කරන ලද්දක් බවයි වාර්තා වන්නේ,

මේ සම්බන්ධයෙන් අගමැති නෙතන්යාහු ප්‍රකාශ කර තිබුණේ, ඊශ්‍රායල ජාතිය ජයග්‍රහණයේ ඉලක්කයට එක්සත්ව සිටින බවයි.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි