×

ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකළොත් සිද්ධ වෙන දේ ඊශ්‍රායලය කියයි!

විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ, ඊශ්‍රායලයේ කැබිනට් සාමාජික බෙනී ගාන්ට්ස් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති බවයි.


සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 19 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සියලුම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මාර්තු 10 වන දින වන විට නිදහස් නොකළහොත් රෆා ප්‍රදේශයට දැවැන්ත ප්‍රහාරයක් දියත් කරන බව ඊශ්‍රායලය නිවේදනය කරයි.

විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ, ඊශ්‍රායලයේ කැබිනට් සාමාජික බෙනී ගාන්ට්ස් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති බවයි.

දකුණු ගාසා තීරයේ ජනාකීර්ණ නගරයක් වන රෆා වෙත තම හමුදා ඇතුළු වන්නේ කවදාදැයි ඊශ්‍රායලය නිවේදනය කළ පළමු අවස්ථාව මෙය වන බවද සඳහන් වේ.

මිලියන 1.5ක පමණ සරණාගතයින් පිරිසක් රෆා ප්‍රදේශයෙහි කදවුරුවල වාසය කරන අතර,ඊශ්‍රායලය මෙම නිවේදනය සිදුකළේ, රෆා ප්‍රදේශයට ප්‍රහාර දියත් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ දැඩි විරෝධයක් මතුව ඇති පසුබිමක වීම විශේශත්වයකි.

facebook sharing button


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි