×

වසර 71 කට පසු අලුත් වන ඊශ්‍රායලයේ හා තුර්කියේ ගුවන් ප්‍රේමය..

වසර 71 කට පසු ඊශ්‍රායලය සහ තුර්කිය අතර ගුවන් ගමන් සබඳතා ශක්තිමත් කිරීමට දෙරට පියවර ගෙන තිබේ.


ඊශ්‍රායල ප්‍රවාහන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයකට අනුව, අද (07) දින දෙරට අතර අත්සන් කෙරෙන ගිවිසුමක් හරහා ද්වීපාර්ශ්වික ගුවන් ගමනාගමන පුළුල් කෙරෙනු ඇත.

මෙසේ ද්වීපාර්ශ්වික එකඟතාවයක් මත ඊශ්‍රායලය සහ තුර්කිය අතර ගුවන් ගමන් සබඳතා පළමු වරට ගොඩනැඟුනේ 1951 වර්ෂයේ ය.

ඒ අනුව, වසර 71 කට පසු මෙම ගුවන් ගමන් පුළුල් කිරීමට දෙරට රජයන් එකඟ වී ඇත.

මෙකී ගිවිසුම මඟින්, ඊශ්‍රායල සමාගම් විසින් තුර්කියේ විවිධ ගමනාන්ත වෙත ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට  බලාපොරොත්තු වන බවත්, තුර්කි සමාගම් විසින් ඊශ්‍රායලයේ විවිධ ගමනාන්ත වෙත ගුවන් ගමන් ද නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් ඊශ්‍රායල ප්‍රවාහන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි