×

ඊශ්‍රායලය හමාස්හි ‘ලේ පිපාසිත රාක්ෂයන්’ විනාශ කර හැරීමට සුදානම් – නෙතන්යාහු

අගමැති නෙතන්යාහු වැඩි දුරටත් ප්‍රකාශ කර තිබුණේ, අපි කණ්ඩායමක් සහ එක්සත් පෙරමුණක් ලෙස පැය විසිහතර පුරාම වැඩ කරමින් සිටින බවත්, අප අතර ඇති සමගිය ජාතියට සතුරාට හා ලෝකයට පැහැදිලි පණිවිඩයක් ලබා දෙන බවත්ය.


අද(15)දිනයේදී ඊශ්‍රායලයේ ටෙල් අවිව්හි පැවති නව ජාතික හදිසි රජයේ පළමු කැබිනට් රැස්වීමේදී අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබුණේ, හමාශි ලේ පිපාසිත රාක්ෂයන් විනාශ කිරීමට පොරොන්දු වී තිබේ.

පසුගිය සතියේ හමාස්හි ම්ලේච්ජ ප්‍රහාරයට ගොදුරු වූ වින්දිතයන් වෙනුවෙන් මොහොතක නිශ්ශබ්දතාවකින් ආරම්භ වූ සැසිවාරයට අගමැති නෙතන්යාහු, විපක්ෂ නායක බෙනී ගැන්ට්ස්, ආරක්ෂක අමාත්‍ය Yoav Gallant හා රටේ ප්‍රධාන විපක්ෂ නායක යායර් ලපිඩ් ,අමතර ඇමතිවරුන් පස් දෙනෙකු වන Benny, Gadi, Chili, Gideon සහ Yifat යන යට අමතරව යුධ උපක්‍රම පිළිබඳ ප්‍රවීණයන් වන Gantz මහතා සහ නිරීක්ෂකයෙකු ලෙස එක්වන Gadi Eisenkot ඇතුලත් විය.

මෙහිදී අගමැති නෙතන්යාහු වැඩි දුරටත් ප්‍රකාශ කර තිබුණේ, අපි කණ්ඩායමක් සහ එක්සත් පෙරමුණක් ලෙස පැය විසිහතර පුරාම වැඩ කරමින් සිටින බවත්, අප අතර ඇති සමගිය ජාතියට සතුරාට හා ලෝකයට පැහැදිලි පණිවිඩයක් ලබා දෙන බවත්ය.

හමාස් විසින් දියත් කරන ලද ප්‍රහාර හමුවේ මේ වන විට ඊශ්‍රායල ජාතිකයින් 1,300 මියගොස් 126 දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා සිටින අතර ඊශ්‍රායලය විසින් ගාසා තිරයට එල්ල කරන ලද ප්‍රතිප්‍රහාරවලින් පලස්තීනුවන් 2,300 කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි