×

නුසෙයිරාට් සරණාගත කඳවුරට ඊශ්‍රායල් ප්‍රහාර 36ක් මරුට!

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු රෆා නගරයේ සිරවී සිටින මිලියන 1.5ක පමණ පලස්තීනුවන් ඉවත් කිරීමට මේ වන විට සැලැස්මක් අනුමත කර තිබෙන අතර, ඒ අනුව ප්‍රහාර ද සැලසුම් කර ඇති බව පැවසේ,


සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 16 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නුසෙයිරාට් සරණාගත කඳවුරට ඊශ්‍රායල හමුදා විසින් එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් 36 දෙනෙකු මිය ගොස් තිබෙන අතර ඉන් බහුතරයක් පිරිස දරුවන් බව වාර්තා වේ.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු රෆා නගරයේ සිරවී සිටින මිලියන 1.5ක පමණ පලස්තීනුවන් ඉවත් කිරීමට මේ වන විට සැලැස්මක් අනුමත කර තිබෙන අතර, ඒ අනුව ප්‍රහාර ද සැලසුම් කර ඇති බව පැවසේ,

පසුගිය දා එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජර්මනිය හා නෙදර්ලන්තය ද දැවැන්ත ප්‍රහාරයක් පිළිබඳ අනතුරු අඟවා තිබුණු අතර, ඔක්තෝබර් 7 දා සිට ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීනුවන් 31,490 ක් මිය ගොස් 73,439 ක් තුවාල ලබා සිටින බව වාර්තා වේ.

හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ මියගිය සංඛ්‍යාව 1,139 ක් බවද වාර්තා වල ඇතුලත් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි