×

සහනාධාර ගන්න ආ ගාසා වැසියන්ට ඊශ්‍රායල ප්‍රහාර, මිය ගිය සංඛ්‍යාව 100 ඉක්මවයි!

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ආහාර ලබාගැනීමට උත්සාහ කරන  සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් එහිදී ඊශ්‍රායල සොල්දාදුවන් වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවයි.


සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ඊශ්‍රායල යුද ටැංකි පැවතිය ද ගාසා තීරයේ නිරත දෙසින් වෙරලබඩ මාර්ගයේ නවතා තිබූ සහන රථ පෙලක් වෙත ජනතාව ඇදී ගොස් තිබෙන අතර එම සහනාධාර රථ පෙල අසල රැස්ව සිටි ගාසා වැසියන් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව 100 ඉක්මවා තිබෙන එරට මාධ්‍ය පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ආහාර ලබාගැනීමට උත්සාහ කරන  සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් එහිදී ඊශ්‍රායල සොල්දාදුවන් වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවයි.

ලොරි අසල සිය ගණනක් ජනතාව රැස්ව සිටින ආකාරය සහ ඔවුන්ට වෙඩි තබන ආකාරය ගුවනින් ගත් වීඩියෝ දර්ශනවල සටහන්ව ඇත.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, මිය ගිය 112 දෙනෙකුගේ සහ තුවාල ලැබූ 760 කට අධික පිරිසකගේ ලේඛණ හමාස් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති බවයි.

කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදා මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර, ජගත් මහලේකම්වරයා ද මෙම සිද්ධිය හෙළා දැක තිබෙන බව සඳහන් වේ. ඔහු අවධානය කර තිබෙන්නේ, වහාම මානුෂීය සටන් විරාමයක් සහ සියලු ප්‍රාණ ඇපකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි