×

නෙතන්යාහුට එරෙහිව අධිචෝදනා, ඔහු ධූරය අත් හරීවිද?

.


ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව අල්ලස්, වංචා සහ විශ්වාසය කඩ කිරීම මත චෝදනාවන් තුනක් මුල් කරගනිමින් අධිචෝදනා ගොනු කර ඇතිබව ඊශ්‍රායල නීතිපතිවරයා බ්‍රහස්පතින්දා සවස නිවේදනය කළේය.

අගමැතිවරයෙක් තනතුරේ සිටිමින් අපරාධ විමර්ශනවලදී අධිචෝදනා පත්‍රයකට මුහුණ දෙන පළමු අවස්ථාව මෙය ලෙස සනිටුහන් කරයි.

පසුගිය මාසයේ අවසන් අධිචෝදනා පත්‍ර නඩු විභාගයකදී නෙතන්යාහුගේ ප්‍රභල නීතිඥ කණ්ඩායම විසින් ඔහුට එරෙහිව පවතින බරපතල අල්ලස් චෝදනාව ඇතුළු නඩු අවසන් කරන ලෙස නීතිඥ මණ්ඩලයට බල කර සිටීමට උත්සාහ කළේය. කලක් ඔහුගේ කැබිනට් ලේකම් ලෙස සේවය කළ නෙතන්යාහු පත් කළ අවීචායි මැන්ඩෙල්බ්ලිට් ඉදිරියට යමින් සිටී. “එය ඊශ්‍රායෙලයට සහ මට පෞද්ගලිකව ඉතා කණගාටුදායක දිනයක්” යැයි මැන්ඩෙල්බ්ලිට් පැවසීය. අධිචෝදනා කිරීමට ගත් තීරණය “දේශපාලනයේ ප්‍රශ්නයක් නොවේ, දකුණ සහ වම අතර ප්‍රශ්නයක්ද නොවේ ඔහු පවසයි..”

බ්‍රහස්පතින්දා රාත්‍රියේ ජෙරුසලමේදී අදහස් දක්වමින් නෙතන්යාහු මෙම චෝදනා පිළීබද විස්තර කළේ “එය අගමැතිවරයෙකුට එරෙහි කුමන්ත්‍රණයක්” ලෙසයි.
එසේ වුවද, වසර 13 කට වැඩි කාලයක් ධුරය හෙබවූ ඊශ්‍රායලයේ දීර්තම කාලයක් සේවය කළ අග්‍රාමාත්‍යවරයාට මෙම චෝදනා සැලකිය යුතු පහරකි. මීට වසර තුනකට පමණ පෙර අපරාධ පරීක්ෂණ ප්‍රසිද්ධියට පත් වූ දා සිට ඔහු සිය නිර්දෝෂී බව ප්‍රකාශ කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි