×

ඊශ්‍රායල් මහා මැතිවරණය අද

නෙතන්යාහු ගේ සිහින බොඳ වෙයිද?



ඊශ්‍රායලයේ මහා මැතිවරණය අද පැවැත්වෙන අතර මේ වන විටත් ඊශ්‍රායල් ජනතාව සිය ඡන්දය ප්‍රකාශ කිරීම අාරම්භ කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරයි.
හිටපු අගමැති බෙන්ජබින් නෙතන්යාහු පස් වන වතාවටත් ඊශ්‍රායලයේ අගමැතිවරයා ලෙස තේරීපත්වීමේ අපේක්ෂාවෙන් මෙවර ප්‍රධාන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්විය. මෙවර ඡන්දයෙන් ඔහු ජය ගත හොත් ඊශ්‍රායල් ඉතිහාසයේ දීර්ඝතම කාලයක් මෙතෙක් අගමැතිවරයා ලෙස සිටි නායකයා බවට ඔහු පත්වනු ඇත.

නමුත් ඔහුට පෙර ධර කාල වලදී එල්ල වූ දූෂණ චෝදනා කිහිපයක්ද පැවතීම හේතුවෙන් ඔහුගේ ජයග්‍රහණය නිශ්චිතවම අපේක්ෂා කළ නොහැකි මට්ටමක්ද පවතී. මෙවර ඔහුගේ ප්‍රතිවාදියා වී ඇත්තේ හිටපු ආරකෂක කාර්ය ප්‍රධානියෙකු වන බෙනී ගෑන්ට්ස් ය. මධ්‍යස්ථ නිල් සහ සුදු සන්ධාන අපේක්ෂකයා වන ඔහු නෙතන්යාහු හිටපු අගමැතිවරයා වෙත අභියෝගයක් වී ඇත්තේ මෙතෙක් චෝදනා එල්ල නොවී ඇති දේශපාලකයෙකු ලෙසිනි.
මෙවර මැතිවරණයේදීද කිසිදු පක්ෂයකට තනි ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාවක් නොමැති වනු ඇති අතර අනෙක් පක්ෂ සමග ඒකාබද්ධ රජයක් පිහිටුවීම සදහා ප්‍රථිපල නිකුත් වීමත් සමග ප්‍රධාන පක්ෂ උත්සකු වනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි