×

අපේ බලාපොරොත්තුව අප්‍රේල් වන විට රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමයි: නේතන්යාහු

ඊශ්‍රාලයේ මේ වන විට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව හත්ලක්ෂ හැට එක්දහස ඉක්මවා ඇති අතර, මරණයට පත් පුද්ගලයින් සංඛ්‍යාව 5648 ලෙස සටහන් වේ.


ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නේතන්යාහු ප්‍රකාශයක් සිදුකරමින් පවසා තිබෙන්නේ කොවිඩ් වසංගතය හමුවේ වසා දැමූ රට එළඹෙන අප්‍රේල් මස වන විට සම්පූර්ණයෙන්ම යළි විවෘත කිරීම ඔවුන් ගේ බලාපොරොත්තුව බවයි.

එම කාල වකවානුව වන විට වයස 16 ට වැඩි සියළු ඊශ්‍රායල පුරවැසියන් හට කොවිඩ් වසංගතයට එරෙහි එන්නත ලබා දීමට හැකිවනු ඇති බවද හෙතෙම අවධාරණය කළේය.

මේ වන විටත් එන්නත්කරණය නොවූ සහ ආසාදන තත්ත්වයෙන් සුවය නොලැබූ වැඩිහිටි පුද්ගලයින් මිලියන 1.2 පමණ සිටින බවද ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

ඊශ්‍රාලයේ මේ වන විට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව හත්ලක්ෂ හැට එක්දහස ඉක්මවා ඇති අතර, මරණයට පත් පුද්ගලයින් සංඛ්‍යාව 5648 ලෙස සටහන් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි