×

කොරෝනාවෙන් කොර වුණ ඉතාලිය – ලොම්බාර්ඩි කලාපයට දැඩි නීති

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසයෙන් සිදුව ඇති බලපෑම පාලනය සඳහා ඉතාලියේ ලොම්බාර්ඩි කලාපයට දැඩි නීති පැනවීමට ඉතාලි රජය තීරණය කර තිබේ.


කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසයෙන් සිදුව ඇති බලපෑම පාලනය සඳහා ඉතාලියේ ලොම්බාර්ඩි කලාපයට දැඩි නීති පැනවීමට ඉතාලි රජය තීරණය කර තිබේ.

ඊයේ දිනයේදී පමණක් කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය ගණන 800ට ආසන්න වී (793) තිබූ අතර වැඩිම මරණ ගණනක් වාර්තා වූ දිනය ලෙසත් ඉතාලියේ ඊයේ දිනය කොරෝනා දින පොතට එක්ව තිබුණි.

මෙම තත්ත්වය සමඟ ඉතා දැඩි අවධානමක පසුවන ඉතාලියේ මෙම වෛරසය හේතුවෙන් සමස්ත මරණ 4825ක් වාර්තා වී තිබෙන අතර ලොම්බාර්ඩි කලාපෙන් පමණක් මරණ 3095ක් වාර්තා වී ඇත.

ඒ අනුව ඉතාලියේ දැඩි අවධානම් කලාපය ලෙස ලොම්බාර්ඩි දක්වා තිබෙන හෙයින් මෙම ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා තවදුරටත් නීති දැඩි කිරීමට රජයට සිදුව තිබේ.

ඉතාලියානුවන්ට මෙම කොටු කර තැබීම දරාගත නොහැකි මානසික වදයක් වුවත් එය මේ මොහොතේ අත්‍යාවශ්‍යම කාරණයක් බවට පත්ව ඇති බවයි සිය ජනතාවට එරට රජය අවධාරණය කරමින් සිටින්නේ.

සිය දේශයත් ගෝලීය ප්‍රජාවත් ගැන තවදුරටත් අවධානය දැඩි කරමින් අත්‍යාවශ්‍ය සැපයුම් පමණක් හැර සෙසු සියල්ල සේවා මෙහෙයුම් සම්පූර්ණයෙන්ම නතර කිරීමට රජය උපදෙස් දී තිබේ.

රෝහල් සහ ප්‍රවාහන සේවා හැර සෙසු ඉදිකිරීම් ඇතුළු මෙතෙක් පවත්වා ගෙන ගිය සියලුම එළිමහන් වෙළෙඳ පොළවල් ද දැන් අත්හිටුවා ඇත.

පසුගිය 08 වැනිදා සිට ඉතාලියේ ලොම්බාර්ඩි කලාපයට අගුළු දමා තිබුණ අතර ඊයේ දිනයේදී එරට අගමැතිවරයා නියෝග කර තිබුණේ ලොම්බාර්ඩි කලාපයේ පමණක් නොව සමස්ත ඉතාලියේම අත්‍යවශ්‍ය නොවන සේවා සියල්ල අත්හිටුවන ලෙසයි.

කෙසේවෙතත් අත්‍යාවශ්‍ය සේවා මොනවද යන්න හෝ ඔහු සඳහන් කර නොමැති අතර එපමණටම ඉතාලිය ව්‍යාකූල වී තිබෙන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් අගමැතිවරයා කියා තිබුණේ කොරෝනා බලපෑම නිසා රටේ මෙහෙයුම් මන්දගාමී කිරීමට සිදුව ඇතත් සහමුලින්ම නවතා නොදමන බවයි.

ඉතාලිය මුහුණ දී සිටින ඉතා දුෂ්කර අවස්ථාව මෙය වන බවත් නව රෝගීන් හා මරණ අඛණ්ඩව වාර්තා වෙමින් පවතින බවත් අගමැතිවරයා එහිදී පවසා තිබුණි.

කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා එරට වෛද්‍යවරු 17 දෙනෙකුද මිය ගිය ගොඩට එකතු වී තිබෙන බවත් තවත් සෞඛ්‍ය සේවකයන් 3000කට වැඩි පිරිසකට වෛරසය ආසාදනය වී තිබෙන බව සඳහන්.

මෙම තත්ත්වය හමුවේ වෛරසය ව්‍යාප්තිය පාලනය හා වැලැක්වීම සඳහා රජය ජනතාවට ලබා දෙන උපදෙස් සහමුලින්ම අනුගමනය කළ යුතුව ඇති අතර ඊට ජනතාව සාමූහිකව සහය වීම යුතු බවයි ඉතාලි රජය මොහොතින් මොහොත අවධාරණය කරමින් සිටින්නේ.

ASK (LNW)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි