×

උතුරු කොරියානු මිසයිල අත්හදා බැලීම් ජපානය හෙලා දකී!

උතුරු කොරියාව විසින් අද දින උදෑසන බැලිස්ටික් ප්‍රක්ෂේපන දෙකක් දියත් කරන ලද බව ජපාන අගමැති පැවසීය.


ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ උතුරු කොරියාව අද (02) දින උදෑසන දියත් කරන ලද බැලිස්ටික් ප්‍රක්ෂේපන තරයේ හෙලා දකින ලදී.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ උතුරු කොරියාවේ ක්‍රියා කලාපය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිර්දේශ උල්ලංඝනය කරන බවයි.

උතුරු කොරියාව විසින් අද දින උදෑසන බැලිස්ටික් ප්‍රක්ෂේපන දෙකක් දියත් කරන ලද බව ෂින්සෝ අබේ පවසා සිටියේය.

ජපාන ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා රජය දැඩි ආරක්ෂාව යටතේ එක්සත් ජනපදය හා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ කටයුතු කරන බව ඒ මහතා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දැක්වීමෙන් අනතුරුව ජපාන අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජය ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් කැඳවූ අතර එයට විදේශ කටයුතු අමාත්‍ය ටොෂිමිට්සු මොටෙගි සහ ආරක්ෂක අමාත්‍ය ටාරෝ කොනෝ යන මහත්වරුන් සහභාගී වූහ.

උතුරු කොරියාව පසුගිය සති අන්තයේ ඇමරිකා එක්සත් ජනපදය සමඟ වැඩ මට්ටමේ සාකච්ඡා පවත්වන බව නිවේදනය කිරීමෙන් දිනකට පසුව මෙම මිසයිල ප්‍රහාර දියත් කිරීම සිදු විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි