×

ජපානයට අලුතින් සයොනාරා බද්දක්

ඒ අනුව අද දින සිට ජපානයේ ගුවන් තොටුපලකින් හෝ වරායකින් පිටවන සංචාරකයින් හෝ දේශීය යන සියලු පුද්ගලයන් සදහා එක් පුද්ගලයෙක් යෙන් 1000 බැගින් බදු වශයෙන් ගෙවිය යුතුව ඇත.


ගුවනින් හෝ මුහුදු මාර්ගයෙන් ජපානයෙන් පිටවී යන ඕනෑම පුදුගලයෙක් සහා යෙන් 1000 ක බද්දක් අය කිරීඹට ජපානය සැරසෙයි.

ඒ අනුව අද දින සිට ජපානයේ ගුවන් තොටුපලකින් හෝ වරායකින් පිටවන සංචාරකයින් හෝ දේශීය යන සියළු පුද්ගලයන් සදහා එක් පුද්ගලයෙක් යෙන් 1000 බැගි බදු වශයෙන් ගෙවිය යුතුව ඇත. වයස අවුරුදු 2ට අඩු ළදරුවන් මෙම බද්දෙන් නිදහස් වේ.

මෙවැනි බද්දක් අයකිරීමේ ජපානයේ අරමුණ වී ඇත්තේ එරට සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කිරීමටයි. ඒ අනුව නවතම බදු මගින් ජපන් රජය උපයා ගැනීමට අපේක්ෂා කරන මුදල ජපන් යෙන් බිලියන 50ක් වේ. 2018 වසර තුළ ජපානයට පැමිණ ඇති සංචාරකයන් ගණන මිලියන 30කට වැඩි වේ. ඉන් බහුතරයක් චීනය, තායිවානය, දකුණු කොරියාව ආදී ආසියානු රටවල් ය. 2020 වසරේ ජපානයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සංචාරකයන් මිලියන 40ක් පමණ පැමිණෙනු ඇති බවටද ජපානය අපේක්ෂා කරයි.

ජපානයට දේශීය වටිනාකම් බද්ද හඳුන්වා දී වසර 27කට පසු මෙවැනි බද්ධක් ජපානය විසින් නියම කළ ප්‍රථම අවස්ථාව මෙයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි