×

ජපානය දෙවන වරටත් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ අපජලය මුදාහැරීමට සුදානම්

පසුගිය අගෝස්තු 24 වැනිදා අපජලය ටොන් 7,800ක් පමණ පැසිෆික් කලාපයට මුදා හරින ලදී.


ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් දෙවන අපජලය මුදා හැරීම ලබන සතියේ සිට ආරම්භ කරන බව වාර්තා වේ.

2011 වසරේ ඇති වූ සුනාමි ව්‍යසනයකින් පසු එක්රැස් වූ ටොන් 1.34 ක අපජලය පැසිෆික් සාගරයට මුදා හැරීමට එක්සත් ජාතීන්ගේ පරමාණුක ඒජන්සියෙන් අනුබලය ලැබීමත් සමඟ ජපානය විසින් පසුගිය අගෝස්තු 24 වැනිදා අපජලය ටොන් 7,800ක් පමණ පැසිෆික් කලාපයට මුදා හරින ලදී.

මෙහෙයුමෙන් කිසිදු අවදානමක් ඇති නොවන බවට ටෝකියෝවේ අවධාරනය කළමුත් චීනය විසින් සියළුම ජපන් මුහුදු ආහාර ආනයනය තහනම් කළ අතර, එනමුත් චීන බෝට්ටු ජපන් මසුන් අල්ලන කලාපවල දක්නට ලැබෙන බවයි ජපානයේ එක්සත් ජනපද තානාපති රහ්ම් එමානුවෙල් සඳහන් කර තිබුණේ.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි