×

ජපානයේ උපත් අනුපාතය සීඝ්‍රයෙන් පහතට

වයස අවුරුදු 65 ඉක්මවන ලද පුද්ගලයන් වාර්තා වන ලෝකයේ දෙවන විශාලතම රට ජපානයයි. එය ප්‍රතිශතයක් ලෙස 28%කි.


ජපාන රජයේ නිල වාර්තාවන්ට අනුව උපත් අනුපාතය මන්දගාමී වෙමින් පවතින බව වාර්තා වේ. ඒ අනුව මිලියන 125ක් වන ජනගහනයට සාපේක්ෂව පසුගිය වසර තුළ නව උපත් වාර්තා වී ඇත්තේ 800,000 කට වඩා අඩු සංඛ්‍යාවකි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අගමැති ෆුමියෝ කිෂිදා ප්‍රකාශ කර තිබුණේ මෙය බලවත් ගැටලුවක් වෙමින් පවතින බවයි. එමෙන්ම අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබුණේ දරුවන් සහ දරුවන් ඇති දැඩි කිරීම සම්බන්ධ ප්‍රතිපත්ති කෙරෙහි අවධානය යොමු කිරීම කල්දැමිය යුතු නොවන බවයි. ඒ අනුව, දරුවන් සම්බන්ධ වැඩසටහන් සඳහා රජය වැය කරන මුදල දෙගුණ කිරීමට හා ඒ සම්බන්ධයෙන් වෙනම ආයතනයක් ගොඩ නැගීමට අගමැතිවරයා එළැඹෙන අප්‍රේල් මාසයේදී කටයුතු කරනු ඇත.

මෑත දශකය සම්බන්ධයෙන් සලකා බැලීමේදී ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇති අතර මීට සාපේක්ෂව උපත් සංඛ්‍යාව අඩු අගයක් ගැනීම බරපතල සමාජ ගැටලු රැසක් මවමින් ඇත. ලෝක බැංකු වාර්තාවන්ට අනුව, මොනාකෝ ප්‍රාන්තයෙන් පසු වයස අවුරුදු 65 ඉක්මවන ලද පුද්ගලයන් වාර්තා වන ලෝකයේ දෙවන විශාලතම රට ජපානයයි. එය ප්‍රතිශතයක් ලෙස 28%කි.


ජපානය තුළ උපත් අනුපාතය අඩුවීම වෙනුවෙන් බලපාන ලද කරුණු අතර ජීවන වියදම් ඉහළ යාම, අධ්‍යාපනයේ සහ රැකියාවේ යෙදෙන කාන්තාවන් වැඩි ප්‍රමාණයක් මෙන්ම උපත් පාලන ක්‍රම සඳහා වැඩි ප්‍රවේශයක් ලබා ගැනීම, කාන්තාවන් අඩු දරුවන් ලැබීමට තෝරා ගැනීම ආදිය විශ්ලේෂකයන් දක්වයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි