×

හෙලිකොප්ටර් අනතුර ගැන ජපාන අග්‍රාමාත්‍ය FUMIO KISHIDA එරට පාර්ලිමේන්තුවේදී ශෝකය පළ කරයි!

සිද්ධිය සම්බන්ධයෙන් ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida එරට පාර්ලිමේන්තුවේදී ශෝකය පළ කළ බව පැවසේ.


twitter sharing button

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 22 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සෙනසුරාදා රාත්‍රියේ ජපානයට අයත් හෙලිකොප්ටර් යානා දෙකක් කඩා වැටීමෙන් අනතුරක් සිදු වූ අතර, එම හෙලිකොප්ටර් අනතුරෙන් අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව එරට මාධ්‍ය වාර්තා කර සිටී.

මේ වන විට ජපාන නාවික හමුදාව සිය කාර්ය මණ්ඩලයේ අතුරුදන් හත් දෙනෙකු සෙවීම සඳහා පැසිෆික් සාගරයේ මෙහෙයුම් දිගටම සිදු කරමින් සිටින අතර, සහන කණ්ඩායම් මේ වන විට එක් මළ සිරුරක් සොයාගෙන ඇති අතර කළු පෙට්ටි හා යානා වල සුන්බුන් කොටස් සොයා ගෙන තිබෙන බවද සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida එරට පාර්ලිමේන්තුවේදී ශෝකය පළ කළ බව පැවසේ.

ටෝකියෝ නුවරට කිලෝමීටර් 600ක් දකුණින් පිහිටි ඉසු දූපත් අසල සිදුවූ මෙම අනතුරට හේතුව කුමක්ද යන්න තවමත් පැහැදිලි නැති අතර, ගුවන් යානා දෙකෙන්ම ලබාගත් පියාසැරි රෙකෝඩරවල තාක්ෂණික දෝෂ අනාවරණය වී නොමැති බව ජපාන ආරක්ෂක අමාත්‍ය මිනෝරු කිහාරා පවසයි.

Japan’s Defense Minister Minoru Kihara 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි