×

ඇක්ශන් චිත්‍රපට කලාවට අලුත් පණක් නඟමින් කින්ග් ඛාන් නැවතත් “ජවාන්” සමඟින්!

“Don’t mess with Shah Rukh Khan” සියල්ලන්ම බලා සිටි ඒ මොහොත උදා වෙමින් පවතී. “ජවාන්” සිය පූර්ව ප්‍රචාරක පටය නිකුත් කරමින් අද ලෝකයම කලඹවන්නට විය. කින්ග් ඛාන් හෙවත් බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ ජවාන් පූර්ව ප්‍රචාරක පටය අද( බ්‍රහස්පතින්දා ) කළ එළි දක්වන ලදී. චෙන්නායි හි පැවති grand pre-release උත්සවයට දිනකට පසුව, චිත්‍රපටයේ නළු නිළියන් […]


“Don’t mess with Shah Rukh Khan”

සියල්ලන්ම බලා සිටි ඒ මොහොත උදා වෙමින් පවතී. “ජවාන්” සිය පූර්ව ප්‍රචාරක පටය නිකුත් කරමින් අද ලෝකයම කලඹවන්නට විය.

කින්ග් ඛාන් හෙවත් බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ ජවාන් පූර්ව ප්‍රචාරක පටය අද( බ්‍රහස්පතින්දා ) කළ එළි දක්වන ලදී. චෙන්නායි හි පැවති grand pre-release උත්සවයට දිනකට පසුව, චිත්‍රපටයේ නළු නිළියන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් චිත්‍රපටය ගැන කතා කිරීමට රසික සාගරයක් ඉදිරිපිට රැස්ව සිටියහ.

ජවාන් හි ෂාරුක් ඛාන් විවිධ නිරූපණයන්ට පණ පොවන අතර ත්‍රාසජනක, භීතිය, කුතුහලය සමඟින් ඔබට නැවුම් අන්දමේ අත්දැකීමක් මෙමඟින් ලැබෙනවා නොඅනුමාන ය.

පූර්ව ප්‍රචාරක පටය මඟින් “ජවාන්” දකුණු ඉන්දියානු ආභාසය ලත් චිත්‍රපටයක් ලෙස පෙනේ. ශාරුක් සමඟ Nayanthara, Vijay Sethupathi මෙන්ම Deepika Padukone ද ජවාන් ඔස්සේ තම රංඟනයෙන් දායකත්වය ලබා දේ.

ෂාරුක් එක් අතකින් කුමන්ත්‍රණයක සොල්දාදුවෙකු ලෙස ද, තවත්එකක මහජන සහයෝගය ප්‍රබෝධමත් කරන සුපරීක්ෂාකාරී පුද්ගලයකු ලෙස ද පෙනී සිටී. කොලිවුඩය මුසපත් කරවන Nayanthara සුපරීක්ෂාකාරී පොලිස් නිලධාරිනියක් ලෙස තම රංඟනයෙන් දායක වේ. විටෙක ඇය ආදරවන්තියක් ද විය. මේ සියල්ලෙන්ම අපට නැගෙන එක් පැනයකි. ෂාරුක් චරිත දෙකක් රඟපානවද?

අපි බලමු!

සටහන – නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි