×

ජනීන් ඇනෙස් , බොලීවියාවේ ජනපති බවට තමාවම පත් කර ගනී

ඉතිහාසයේ ඉතාම කපටි හා විනාශකාරී කුමන්ත්‍රණයේ” කොටසක් - ඊවෝ මොරාලෙස්


බොලීවියානු විපක්ෂයේ සෙනෙට් සභික ජනීන් ඇනෙස් තමන් විසින්ම තමා රටේ අතුරු පාලක ජනපතිවරිය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ඒ එරට ජනපති ධූරය හෙබවූ ඊවෝ මොරාලෙස්ගේ ඉල්ලා අස්වීමත් සමගිනි.

ජනපති සහ උපජනපතිවරයා නිශ්චිතවම නොපැමිණීමට පෙර සෙනෙට් සභාවේ සභාපතිනිය ලෙස මම වහාම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පුරෝකථනය කර ඇති පරිදි අනුපිළිවලින් සුදුස්සා ලෙස ජනාධිපති ධූරය භාර ගතිමි… මොරාලෙස්ගේ විරුද්ධවාදි ජනීන් ඇනෙස් පාර්ලිමේන්තුවේ කියා සිටියාය

හිටපු ජනපති මොරාලෙස් ගේ නීති සම්පාදකයින් මෙම අවස්ථාව වර්ජනය කිරීම හේතුවෙන් නව පත්වීම සදහා ඝන පූර්ණය නොමැති වුවද ව්‍යවස්ථාප්‍රකාරව මී ලග ජනපතිවරයා තමන් බව ඈ පවසයි. “ඉතිහාසයේ ඉතාම කපටි හා විනාශකාරී කුමන්ත්‍රණයේ” කොටසක් ලෙස ඇනෙස් ගත් පියවර ගැන මොරාලෙස් හඳුන්වයි.

බොලීවියාවේ ප්‍රථම ස්වේදේශික ජනපතිවරයා ලෙස ධූර දැරීමට උත්සහා කළ ඊවෝ මොරාලෙස් පසු ගිය අගහරුවාදා මෙක්සිකෝවේ රාජ්‍ය ආරක්ෂාව පතා ගියේ ඔක්තෝබර් 20 වන දින පැවති මතභේදාත්මක මැතිවරණය සම්බන්ධයෙන් මහජන විරෝධතා හේතුවෙන් ඉල්ලා අස්වීමෙන් පසු සිය දේශපාලන “සටන” දිගටම කරගෙන යන බවට ප්‍රතිඥාදෙමිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි