×

ජිහාඩ් ත්‍රස්තවාදීන්ගෙන් ඊශ්‍රායලයට අනතුරු හැඟවීමක්.

1981 දී ෆාති ෂකාකි හා අබ්දුල් අල් අසීස් අව්ඩා විසින් නිර්මාණය කරන ලද ඉස්ලාමීය විමුක්තිගාමී පෙරමුණ මේ වනවිට තනිකරම ත්‍රස්තවාදී කල්ලියකි.



ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් දරා සිටින පලස්තීන ඉස්ලාමික් ජිහාඩ් සංවිධානය (PIJ) ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වන්නේ වර්ග කිලෝමීටර 365 ක් පමණ වන පලස්තීනයේ බටහිර ප්‍රදේශය වන ගාසා තීරයේය. නමුත් ඔවුන් ගාසාවට පමණක් සීමා නොවී මුළු මැදපෙරදිගම භීතියට පත් කරමින් වරින් වර සිය අණසක පතුරුවති.

1981 දී ෆාති ෂකාකි හා අබ්දුල් අල් අසීස් අව්ඩා විසින් නිර්මාණය කරන ලද ඉස්ලාමීය විමුක්තිගාමී පෙරමුණ මේ වනවිට තනිකරම ත්‍රස්තවාදී කල්ලියකි. 1987 සිට ත්‍රස්ත ආකාරයෙන් සිදුකල ක්‍රියා කලාපයන් නිසා ඇමෙරිකා එකසත් ජනපදය, කැනඩාව, යුරෝපය හා ජපානය ඇතුළු රටවල් විසින් මෙම සංවිධනයට ත්‍රස්තවාදී ලේබලය අලවන ලදී. 

මේ වන විට එහි නායකත්වය දරන්නේ ලේකම් ෆාති ෂකාකි, අබ්.අල්.අසීස් හා රාමදාන් ෂලා ය. ඔවුන්ගේ නායකත්වයෙන් ප්‍රසාරණය වන ජිහාඩ් සංවිධානයේ අලුත්ම තර්ජනයට පාත්‍ර වී ඇත්තේ අපි කවුරුත් ඇළුම් කරන පුංචි ඊශ්‍රායලයය. පහුගියදා ඊශ්‍රායල් හමුදාව විසින් ජිහාඩ් හි ප්‍රධන සාමාජිකයන් දෙදෙනෙකු එරට තුළදී අත්අඩංගුවට ගැනීම මීට හේතු වී තිබේ. අල්-අලාම් නාලිකාවේ සජීවී වැඩසටහනකට සහභාගී වූ අල්-කුද් බලඇණියේ එනම් ජිහාඩ් සංවිධානයේ අවි සන්නද්ධ අංශයේ මාධ්‍ය ප්‍රකාශක අබු හම්සා විසින් මේ තර්ජනය කර තිබේ.

හම්සා එහිදී ජිහාඩ් සංවිධානය කිසිම ලෙසකින් ඊශ්‍රායලයට බිය නොවන බවත් සංවිධානයේ වැඩ කටයුතුවලට ඇඟිලි ගැසීමෙන් ඊශ්‍රායලයට බොහෝ කරදරවලට මුහුණපෑමට සිදුවන බවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ. හෙතෙම කිසියම් අනුවණ ආකාරයේ යමක් කිරීමට උත්සහා දැරුවහොත් ඊශ්‍රායලයේ අගනුවර වන ටෙල් අවිව් නගරයට හා ජෙරුසලම, නෙතාන්යා යන නගරවලටද මිසයිල මගින් පහරදෙන බව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
ත්‍රස්තවාදය ත්‍රස්තවාදයෙන්ම ජයගත යුතු බව ආයෙ ආයෙත් අවධාරණය කරන ජිහාඩ් සංවිධනය වෙත ඊශ්‍රායලය කුමන විදිහේ පිළිතුරක් ලබා දේවිද? අපි ඒ ගැනත් අවධානයෙන් සිටිමු.
මූලාශ්‍ර : The Jerusalem Post / Sputnik Internationa/ Arutz Sheva


|චතුර රුවන් වීරක්කොඩි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි