×

බයිඩන්ගෙන් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.9 ක සහන පැකේජයක්

බයිඩන් ඇ.ඩො. ට්‍රිලියන 1.9ක ආර්ථික සහන පැකේජයක් ඉදිරිපත් කරයි.


එළඹෙන සතියේ වැඩ භාර ගන්නට ප්‍රථම, කොරෝනාවෛරසයෙන් දැඩි පීඩාවට පත් එක්සත් ජනපද ආර්ථිකය වෙනුවෙන් ඇ.ඩො. ට්‍රිලියන 1.9ක ආර්ථික උත්තේජක සැලැස්මක් එරට මීළග ජනපති තනතුරට පත් ජෝ බයිඩන් ඉදිරිපත් කර තිබේ.

මෙයට කොංග්‍රසයේ අනුමැතිය ලැබුණහොත් සියලු ම ඇමරිකානුවන්ට ඇ.ඩො. 1400 බැගින් සියලු ම නිවාසවලට ඇ. ඩො. ට්‍රිලියන 1ක් වෙන් වනු ඇත.

මෙම සහන යෝජනාව මගින් වෛරසය තුරන් කිරීමට ඇ.ඩො. බිලියන 415ක් ද, කුඩා ව්‍යාපාරවලට ඇ. ඩො. බිලියන 440ක් ද වෙන් කර ඇත.

ඩිමොක්‍රටික පාක්ෂිකයකු වන ජෝ බයිඩන්, එක්සත් ජනපද පුරවැසියන් 385,000කට අධික ප්‍රමාණයක ගේ මරණයට හේතු වූ කොරෝනාවෛරස ගෝලීය වසංගතය තුරන් කිරීමට සපථ කර ඇත.

බයිඩන් ගේ මෙම යෝජනාව පැමිණෙන්නේ ශීත සමයත් සමග ඇමරිකාවේ කොරොනාවෛරස ආසාදිතයන් ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග ය. මේ වන විට දිනකට ඇමරිකා එක්සත් ජනපදයෙන් නව ආසාදිතයන් ලක්ෂ 2 බැගින් මතු වෙමින් තිබේ. තවද දෛනික මරණ සංඛ්‍යාව 4,000 දක්වා ඉහළ ගොස් ඇත.

බයිඩන් කොරෝනාවෛරසය පරාජය කරන හැටි

ඇ.ඩො. බිලියන 20 ක් වැය කර සියලු ඇමරිකානුවන් එන්නත්කරණයට ලක් කිරීමට බයිඩන් ට උවමනා ය. මොබයිල් එන්නත්කරණ ඒකක දුර බැහැර ප්‍ර දේශවල පිහිටුවීමට ද මේ අනුව උවමනා කෙරේ.

‘‘මේ දක්වා ඇමරිකාවේ එන්නත්කරණ වැඩපිළිවෙළ අතිශයින්ම අසාර්ථකයි..‘‘ යැයි බයිඩන් පවසයි. ඔහු සහ ඔහුගේ පරිපාලනය මෙම අභියෝගය ජය ගැනීම සඳහා දිනකට වැක්සින් මිලියන 100 ක් එන්නත් කිරීම අවශ්‍ය වේ. නමුත් මේ දක්වා ලබාදී තිබෙන්නේ මිලියන 11 ක වැක්සින් මාත්‍රාවන් පමණි.

මේ අනුව බයිඩන්ගේ ආර්ථික සහන පැකේජයෙන් කෝවිඩ් පරීක්ෂාවන් පුළුල් ලෙස ව්‍යාප්ත කිරීම මෙන්ම, ඩොලර් බිලියන 130 ක් යොදවා වසන්ත සෘතුව වන විට පාසල් නැවත විවෘත කිරීම ද ඇතුළත් ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි