×

Johnny Ruffo මිය යයි!

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): 35 හැවිරිදි වියෙහි පසු වූ ඕස්ට්‍රේලියානු රූපවාහිනී නළුවෙකු සහ ගායකයෙකු වූ Johnny Ruffo මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු මොළයේ පිළිකාවක් නිසා මියගිය බවයි සඳහන් වන්නේ. Ruffo ඕස්ට්‍රේලියාවේ X Factor රියැලිටි වැඩසටහනෙන් ප්‍රසිද්ධියට පත් වූ අතර පසුව soap Home and Away චිත්‍රපටය හරහා රංගනයට යොමු වුණ Johnny […]


සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 35 හැවිරිදි වියෙහි පසු වූ ඕස්ට්‍රේලියානු රූපවාහිනී නළුවෙකු සහ ගායකයෙකු වූ Johnny Ruffo මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු මොළයේ පිළිකාවක් නිසා මියගිය බවයි සඳහන් වන්නේ.

Ruffo ඕස්ට්‍රේලියාවේ X Factor රියැලිටි වැඩසටහනෙන් ප්‍රසිද්ධියට පත් වූ අතර පසුව soap Home and Away චිත්‍රපටය හරහා රංගනයට යොමු වුණ Johnny Ruffo ,2017 දී ඔහුට පිළිකාවක් වැළඳී ඇති බව තහවුරු කර ගැනීමෙන් පසු වෘත්තීය ජීවිතය නවතා දැමු බවයි වාර්තා වන්නේ.

ඔහුගේ පවුලේ ඥාතීන් කියා සිටියේ, වසර දෙකක් ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව ඔහුගේ පිළිකාව සමනය වුවත් 2023 දී නැවතත් රෝග ලක්ෂණ පැමිණි බවයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ, පසුව Ruffo ඕස්ට්‍රේලියාවේ මොළයේ පිළිකා පිළිබඳ අරමුදල් සහ දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා ඔහුගේ සහය ලබාදීමට කටයුතු කළ බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි