×

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ළදරු පුයර තුළ ඇස්බැස්ටෝස්!

ජොන්සන් ඇන්ඩ් ජොන්සන්ස් (J&J) ළදරු පුයර ඇතුළු ළදරු නිෂ්පාදන ලංකාවේ ද සැලකිය යුතු වෙළඳපොළක් හිමි පාරිභෝගික භාණ්ඩයකි.


ලොව පුරා මහත් කීර්තියක් උසුළන මෙම සන්නාමයේ නිෂ්පාදන අතරින් ඇමරිකානු ඩොලර් බිලියන 40 ක් වටිනා නිෂ්පාදන තොගයක් පසුගියදා වෙළඳපොළෙන් ඉවත් කර ගැනීමට සිදුවිය. එයට හේතුව, මෙම නිෂ්පාදන තුළ ඇස්බැස්ටස් අන්තර්ගත වීමයි.

මේ සමගම ඇමරිකානු කොටස් වෙළඳපොළ තුළ ද මෙහි කොටස් මිල පහළ යාම සිදුවිය.

මෙයට පෙර ද ජොන්සන් ඇන්ඩ් ජොන්සන්ස් ළදරු පුයර තුළ පිළිකාකාරක ඇස්බැස්ටස් සංයෝග තිබෙන බවට චෝදනා එල්ල වුවත්, ඒ සඳහා අධිකරණමය ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නැත. කෙසේ නමුත් රොයිටර්ස් පුවත් සේවය පවසන්නේ මෙම සමාගමේ විධායකයන්, විද්‍යාඥයන්, වෛද්‍යවරුන් ඇතුළු වගකිව යුතු කණ්ඩායමක් මේ අවදානම පිළිබඳ දැන සිටි බවයි. නමුත් ඔවුන් මේ පිළිබඳ මහජනයාට හෙළි කර නැත.

මෙම පිළිකාකාරක සංයෝග අඩංගු වීම පිළිබඳ, එම ජොන්සන් ඇන්ඩ් ජොන්සන් පුයර සාම්පල පරීක්ෂා කරමින් රොයිටර්ස් පුවත් සේවය විසින් සවිස්තරාත්මක ලිපියක් ද පළ කර තිබිණි. කෙසේ නමුත් එම ලිපිය පක්ෂග්‍රාහී ලෙස එක් පැත්තක් පමණක් සලකා බලමින් ලියූ එකක් බවට සමාගම චෝදනා කරයි. ඔවුන් පවසන්නේ සිය නිෂ්පාදන පරීක්ෂා ගණනාවකට ලක් කර ආරක්ෂිත බව තහවුරු කර ඇති බවකි.

එසේම ගෝලීය ‘ආහාර සහ ඖෂධ පරිපාලන නීති‘වලට අනුකූලව තමන් විසින් එම නිෂ්පාදන වෙළඳපොළ වෙත නිකුත් කරන බව ද ඔවුහු කියා සිටිති.

ප්‍රධාන ඡායාරූපය – New York Post



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි