×

හොංකොං විරෝධතා – ජොෂුවා වොන්ග් නැවතත් අත්අඩංගුවට

.



මාස 3කට ආසන්න කාලයක් තිස්සේ හොංකොං හී උත්සන්න වෙමින් පවතින විරෝධතායේ කැපී පෙනෙන චරිතයන් තිහිපයක් අත් අඩංගුවට ගැනීමට හොංකොං පාලනය තටයුතු කර ඇත.
ඒ අනුව සුප්‍රසිද්ධ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු වන ජොෂුවා වොන්ග් ඇග්නස් චෝ, ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු සහ තවත් අයෙක් අඩංගුවට පත් වී ඇත.

ජොෂුවා වොන්ග් සහ ඇග්නස් චෝ අත් අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන් මහ මග ගමන් කරමින් සිටින අතර තුරයි.

පොලීසිය ප්‍රකාශ කරන්නේ ජනතාව කලබලකාරී ලෙස මෙහෙයවීමේ චෝදනාව මත ඔවුන් අත්අඩංගුවට ගත් බවයිත

ජොෂුවා වොංග් සහ ඇග්නස් චෝ යන දෙදෙනාම හොංකොං හී හිටපු ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් වන අතර 2014 වසරේ හොංකොං දැවැන්ත විරෝධතාවයේදී අත් අඩංගුවට ගැනුන ජොෂුවා බන්ධනාගාරයෙන් නිදහස් කෙරුණේ පසුගිය ජූනි මාසයේදීය.

මෙම ක්‍රියාකාරිකයන් ඇතුළුව විරෝධතාවයේදී අත් අඩංගුවට ගෙන ඇති සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව 800කි.

අපරාධ කරුවන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අයිතිය චීනයට ලබා දීම සදහා වන නීති සැකසීමට විරුද්ධව පසුගිය ජූනි මාසයේදී හොංකොං හී දැවැන්ත විරෝධතාව අරම්භ විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි