×

JU 52HB-HOT කඩා වැටෙයි.. මඟීන් සියලු දෙනා ජීවිතක්ෂයට.

‍මෙම යානය 07 වසරේ ටොම් කෲස් චිත්‍රපටයක් වන වැල්කියුරි Valkyrie චිත්‍රපටය සඳහා යොදා ගැණින.


ස්විට්සර්ලන්තයේ ගුවන් යානයක් කඩා වැටි එහි ගමන් කල සියළු මඟීන් හි කාර්ය මණ්ඩලය ජීවිතක්ෂයට පත්විය.

මෙම අනතුර සිදු වූයේ ඇල්ප්ස් කඳු වැටිය අශ්‍රිතවයි.

ස්විට්සර්ලන්තයට අයත් හමුදා ගුවන්යානයක් වන 1939 නිෂ්පාදිත JU 52HB-HOT ගුවන් යානය ස්විට්සර් ලන්තයේ ලසාර්නෝ සිට සූරිච් බලා යමින් තිබියදී මෙම අනතුර සිදු වී ඇත.
අනතුරට ලක් වූ පිරිස අතර කාන්තාවන් 9 දෙනක් සහ පිරිමි 11 දෙනෙක් වූහ .

මෙම අනතුරට ලක් වූ ගුවන් යානය වසර 40කට වඩා වැඩි කාලයක් තිස්සේ ස්විස් ගුවන් හමුදාවේ සේවය සඳහා භාවිතා කර ඇති අතර 2007 වසරේ ටොම් කෲස් චිත්‍රපටයක් වන වැල්කියුරි Valkyrie චිත්‍රපටය සඳහා යොදා ගැණින. 1944 ඇඩෝල්ෆ් හිට්ලර්ගේ නිළධාරීන් පිළිබඳව මෙම චිත්‍රපටය නිර්මාණය කර තිබිණ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි