ArjenKamphuis නමැති මෙම තැනැත්තා සයිබර් සිකියුරිටි හෙවත් සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රවීණයෙකි. ඔහු අවසාන වරට බෝඩෝ නුවර හෝටලයක නවාතැන් ගෙන සිට ඇති අතර, දුම්රියකින් වෙනත් පෙදෙසක් වෙත සංචාරය කිරීමට අදහස් කරගෙන සිටි බව ද කියැවේ. ඔහු ඒ ගමන ගියා නම්, ඒ සඳහා ගත වනුයේ පැය 10 කි. නමුත් අගෝස්තු 21 වැනිදා පටන් ඔහු ආගිය අතක් නැත. අගෝස්තු 22 වැනිදා ඔහු සිය මව් රට වන නෙදර්ලන්තය බලා යාමට නියමිත ව සිටියේය. ඒ සඳහා ඔහු විසින් අදාළ ගුවන් ටිකට් පත ද මිලදී ගෙන සිටි බව කියැවේ. සැක පළ කෙරෙන්නේ ඔහු දුම්රිය ගමනේදී යම් අනතුරකට මුහුණ පාන්නට ඇති බවයි. විකිලීක්ස් හි නිල ට්විටර් ගිණුම ද ඔහුගේ අතුරුදන්වීම සත්‍යයක් බව තහවුරු කරයි.