මෙය Julie Genterගේ පළමු දරු ප්‍රසූතිය වන අතර පාපැදියෙන් රෝහලට එන විට ඇය 42 හැවිරිදි ගැබිනියක ද වූවාය.
ග්‍රීන් පක්ෂයේ ප්‍රබල දේශපාලනඥවරියක වන ජුලී පවසා තිබුණේ, ‘මෝටර් රථයේ ඉඩ කඩ මදි හෙයින්‘ තමන් පාපැදියෙන් පැමිණීමට තීරණය කළ බවයි.
ඉන්ටර්ග්‍රෑම් හරහා ඇය එම අවස්ථාවේ පළ කළ ඡායාරූපය ලොව පුරා ප්‍රසිද්ධ වීමට ගත වූයේ පැය කිහිපයකි.
Instergram
තමන් හා තම සහකරු ‘ලස්සන ඉරිදා උදෑසන‘ සිය පාපැදිවල නැගී දරු ප්‍රසූතිය සඳහා පැමිණි බව එහි සඳහන් විය.
Ms Genter and her partner cycled to hospital where she would have their first child
පසුගිය ජූනි මාසයේදී නවසීලන්ත අගමැතිනිය ජසින්ඩා ආර්ඩෙන්, අගමැති ධුරයේ රැඳී සිටිමින්, මව් පදවිය ලද ලෝකයේ දෙවන රාජ්‍ය නායිකාව බවට පත්වූයේ පාකිස්ථානයේ බෙනාසීර් භූතෝ ට පසුව ය. ජසින්ඩා මේ වන විට පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ සිය බිළිඳා ද සමග ය.
Jasinda Arden | NBC News
තවද ඇය මවක වීම සඳහා තෝරාගෙන තිබුණේ පුද්ගලික රෝහලක් නොව මහජන රෝහලක් වන ඕක්ලන්ඩ් නාගරික රෝහලයි.
ඇගේ අඩි පාරේ යමින් නවසීලන්ත කාන්තා ඇමතිනිය ජුලී ද පාපැදියෙන් පැමිණ තිබුණේ එම රෝහල වෙත ය.
38 හැවිරිදි ජුලී, කාන්තා ඇමතිනියට අමතරව ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් සම ඇමති ධුරයේ ද කටයුතු කරයි. ඇය නවසීලන්තය තුළ පාපැදි ප්‍රචලිත කිරීම වෙනුවෙන් මහත් සේ හඬ නගන්නේ, පාපැදිය කොතරම් ශරීර සෞඛ්‍යයට සහ පරිසරයට හිතකාමී ද යන්න අවධාරණය කරමිනි. තමන් ගැබ්ගෙන ඇති බව ට පුවත ද ඇය ඉන්ස්ටර්ග්‍රෑම් හරහා පළ කර තිබුණේ, ‘‘අපිට පාපැදිවලට අමතර ආසනයක් සවි කිරීමට සිදු වේවි වගේ..‘‘ යන සටහන ද සමගිනි. එසේම ගතවූ සතිකිහිපයේ වැඩිපුර බයිසිකල් පැද්දා නම් ප්‍රසූතිය පහසුකර ගන්නටත් තිබුණා යැයි ද ඇය මීට පෙර කියා තිබිණි.
දැන් ඇය ජීවිතයේ තීරණාත්මකම නිමේෂයට මුහුණ දීම සඳහා වාහනය වශයෙන් ද පාපැදිය තෝරාගැනීම මගින් තමන් පෙනී සිටින අරමුණ වෙනුවෙන් කදිම පූර්වාදර්ශයක් සපයා තිබේ.
යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක සිය බිළිඳා සමග
ඇමරිකාවේ උපන් ජුලියා වඩාත් නිදහස් මතධාරී සහ රැඩිකල් අන්දමින් නවසීලන්තයේ කාන්තාවගේ භූමිකාව සම්ප්‍රදායික රාමුවෙන් බැහැර කරමින් සිටියි. ජසින්ඩා වැනි චරිත ඇයට ඒ සඳහා නිබඳ දිරිය දෙයි. යුරෝපා පාර්ලිමේන්තුවේ සිටින ස්වීඩන් සහ ඉතාලි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ද මේ වන විට සිය බිළිඳන් ඇකයේ ගසාගෙන පාර්ලිමේන්තු එයි.
පෙර ලිපි-
නවසීලන්ත අගමැතිනිය, අගමැති පදවියේ සිටිමින්ම මව් පදවියට