×

Juneteenth හෙවත් කළු ජාතිකයන්ගේ නිදහස් දිනය

සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කෙරුණු කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයෙන් මාසයකට ආසන්න කලක් නිරන්තර උද්ඝෝෂණවලින් පසුව මේ වසරේ Juneteenth දිනය නව වැදගත්කමක් ලබා ගෙන තිබේ. 155 වන Juneteenth සංවත්සරය නිමිත්තෙන් දහස් ගණනක් වීදි බැස ඇති අතර ජාතිවාදයට හා පොලිස් කෲරත්වයට එරෙහිව ප්‍රතිසංස්කරණ ඉල්ලමින් ඔවුන් විරෝධතාවල නිරත වූහ.


එක්සත් ජනපදයේ වහල්භාවය අවසන් කිරීම පිළිබඳ ජාතික වශයෙන් සමරනු ලබන පැරණිතම සැමරුම් දිනය Juneteenth නම් වේ. Juneteenth සැමරුමට 1865 ජුනි 19 දක්වා දිවෙන ඉතිහාසයක් ඇති අතර මේජර් ජෙනරාල් ගෝර්ඩන් ග්‍රෙන්ජර්ගේ නායකත්වයෙන් යුත් යූනියන් සොල්දාදුවන් ටෙක්සාස් හි ගැල්වෙස්ටන් වෙත ගොඩ බැස්සේ යුද්ධය අවසන් වී ඇති බවත් වහලුන් දැන් නිදහස් බවත් පවසමින් ය. එහිදී මේජර් ජෙනරාල් ගෝර්ඩන් ග්‍රෙන්ජර් විසින් ප්‍රකාශයට පත් කළ වහල් සේවය අහෝසි කරන ෆෙඩරල් නියෝගය මෙසේය:

එක්සත් ජනපදයේ විධායකයේ ප්‍රකාශයකට අනුව සියලුම වහලුන් නිදහස් බව ටෙක්සාස් වැසියන්ට දන්වනු ලැබේ. හිටපු ස්වාමිවරුන් සහ වහලුන් අතර පුද්ගලික අයිතිවාසිකම් සහ දේපළ අයිතිවාසිකම් පිළිබඳ නිරපේක්ෂ සමානාත්මතාවය මෙයට සම්බන්ධ වන අතර, ඔවුන් අතර මින් ඉදිරියට පවතින සම්බන්ධතාවය සේවායෝජකයා සහ කුලී ශ්‍රමය අතර පමණක් වේ.

මෙය සිදු වූයේ ජනාධිපති ලින්කන් විසින් 1863 ජනවාරි 1 වන දින නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ විමුක්ති ප්‍රකාශනයෙන් වසර දෙකහමාරකට පසුවය. 1865 ජුනි 19 වන දින සිට ඇමරිකානුවන් Juneteenth දිනය නිදහසේ දිනයක් ලෙස සමරනු ලබයි. 1980 දී ටෙක්සාස් Juneteenth දිනය නිල රාජ්‍ය නිවාඩු දිනයක් ලෙස සලකුණු කිරීම ආරම්භ කළේය.

June සහ nineteen යන වචනවල එකතුවකින් සෑදී ඇති Juneteenth සැමරුම එක්සත් ජනපදයේ වහල්භාවයේ සිටින කළු ජාතිකයන්ගේ නිදහස සනිටුහන් කරයි. කළු ප්‍රජාවන්ගේ ප්‍රමුඛ සහභාගීත්වයෙන් ඉතිසාහයේ සිටම සමරනු ලබන මෙම සැමරුම් දිනය වෙනුවෙන් මේ වසරේ වැඩි අවධානයක් යොමු වී ඇත. ජෝර්ජ් ෆ්ලොයිඩ්, බ්‍රියානා ටේලර්, අහමඩ් ආබරි, රේෂාඩ් බෲක්ස් සහ තවත් අයගේ මරණයෙන් අවුලුවන ලද පොලිස් ම්ලේච්ඡත්වයට එරෙහි බ්ලැක් ලයිව්ස් මැටර් විරෝධතා සැලකිල්ලට ගනිමින්, මේ වසරේ Juneteenth සැමරුම වෙනදාට වඩා සුවිශේෂී වේ.

Juneteenth දිනය නිදහස් දිනය හෝ ජුබිලි දිනය ලෙසද ඇමරිකානුවන් අතර ප්‍රචලිතය. එය එක්සත් ජනපදයේ සෑම ප්‍රාන්තයකම පාහේ සමරනු ලැබේ. නමුත් මෙම වසරේ ස්පොට්ෆි, ට්විටර් සහ ලයිෆ්ට් වැනි ප්‍රධාන සමාගම් පළමු වරට Juneteenth දිනය ඔවුන්ගේ දින දර්ශනවලට එකතු කර තිබේ. ගූගල් පසුගිය සතියේ Juneteenth දිනය නිල දින දර්ශන නිවාඩු දිනයක් බවට පත් කළේය. සමහර සමාගම් සහ සංවිධාන( නයිකි, ටාගට් සහ එන්එෆ්එල්) මෙම Juneteenth දිනය සැමරීම සඳහා සේවකයින්ට නිවාඩු ලබා දී ඇත.

Juneteenth දිනය සැමරීම සඳහා ඇමරිකානුවන් අනුගමනය කරන සාම්ප්‍රදායික ක්‍රම කිහිපයක් අදටත් දැක ගත හැකිය. ඔවුන් තම ප්‍රජාවන් හා එක්ව අසුන් පැදීම, මසුන් ඇල්ලීම, බේස් බෝල් ක්‍රීඩා කිරීම හා බාබක්‍යු සාද පැවැත්වීම වැනි ක්‍රියාකාරකම් වල නියැලෙයි. ටෙක්සාස් ප්‍රාන්ත පුස්තකාල හා ලේඛනාගාර කොමිෂන් සභාවට අනුව විශේෂ යාච්ඥා සේවාවන්, කතා මාලාවන්, විමුක්ති ප්‍රකාශය කියවීම සහ මුල් නැටුම් වල යෙදීම සාම්ප්‍රදායක Juneteenth දින සැමරුම් අතර වේ.

සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කෙරුණු කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයෙන් මාසයකට ආසන්න කලක් නිරන්තර උද්ඝෝෂණවලින් පසුව මේ වසරේ Juneteenth දිනය නව වැදගත්කමක් ලබා ගෙන තිබේ. 155 වන Juneteenth සංවත්සරය නිමිත්තෙන් දහස් ගණනක් වීදි බැස ඇති අතර ජාතිවාදයට හා පොලිස් කෲරත්වයට එරෙහිව ප්‍රතිසංස්කරණ ඉල්ලමින් ඔවුන් විරෝධතාවල නිරත වූහ. ඕක්ලන්ඩ්හි, නැව් තටාක කම්කරුවන් සහ ලෝන්ශෝ වැසියන් දහස් ගණනක් සමඟ පෙළපාළි ගොස් වරායක් වසා දැමූහ.එක්සත් ජනපද ඉතිහාසයේ දරුණුතම වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියාවන්ගෙන් එකක් වන ටුල්සා ජාතික සංහාරය සිදු වූ ඔක්ලහෝමා හි ටුල්සා හි රැළිය සැලසුම් කිරීමට ජනාධිපත් ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළේය.

මෙන්න රට පුරා තවත් පින්තූර සහ වීඩියෝ කිහිපයක්.

බැල්ටිමෝර්

Jarell Johnson sings a song during a Juneteenth Celebration in Baltimore, Maryland. Photograph: J Countess/Getty Images

 

වොෂින්ටන්, ඩීසී

A group of people throw colorful powder near Black Lives Matter Plaza. Photograph: Sarah Silbiger/Getty Images

 

People dance to Go-go music. Photograph: Sarah Silbiger/Getty Images

 

The crowd gathered at Black Lives Matter Plaza, near the White House, during celebrations to observe Juneteenth. Photograph: Michael Reynolds/EPA

 

 සියැට්ල්

People gathered at Jimi Hendrix Park during the “Juneteenth Freedom March and Celebration” event in Seattle. Photograph: Jason Redmond/AFP/Getty Images

 

 

Juneteenth Celebrated In Cities Across America
SEATTLE, WA – JUNE 19: Latio Cosmos (L), who recently graduated from Seattle University with a degree in public affairs, participates in the Juneteenth Freedom March and Celebration on June 19, 2020 in Seattle, Washington. Juneteenth commemorates June 19, 1865, when a Union general read orders in Galveston, Texas stating all enslaved people in Texas were free according to federal law. (Photo by Karen Ducey/Getty Images) Photograph: Karen Ducey/Getty Images

 

ඕක්ලන්ඩ්

Thousands of people surround activist Angela Davis as she speaks to protesters. Photograph: Jose Carlos Fajardo/AP

 

උතුරු කැරොලිනා

 

ෆිලඩෙල්ෆියා

 

ටල්සා

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි