×

ලියෝගේ ‘පියාඹන හාද්ද’ කේට් නම් වේ!

ටයිටැනික් පෙම් යුවළ නමින් ලෝක ප්‍රකට වූ කේට්-ලියෝ අතර තිබෙන්නේ කිසිදා නොබිඳෙන ආදර කතාවක්. එය හුදු ආදරය ඉක්මවූ - ජීවිත කාලය පුරාම පවතින මිත්‍රත්වයේ බැඳීමක් කියා කීවොත් වඩාත් නිවැරදියි..


මේ ඒ සුමිතුරු ආදර කතාවයි..

ටයිටැනික් චිත්‍රපටයෙන් පසුව කේට් මිඩ්ල්ටන් සහ ලියනාඩෝ ඩිකැප්රියෝ යුවළ සැබෑ ජීවිතයේත් ආදරවන්තයන් වනු ඇතැයි කියා හැම කෙනෙක්ම හිතුවා.. ඔවුන් සැබෑ ජීවිතයේ මුලින්ම එකිනෙකා මුණ ගැහෙන්නේත් ටයිටැනික් චිත්‍රපට පසුතලය මතයි. නමුත් ඒ කතාව ලියැවුණේ ටිකක් වෙනස් විදිහට..

ඔවුන්ගේ ආදරය, කාලය විසින් දිගින් දිගටම පරීක්ෂාවට ලක් කෙරුණා.

ඒ වන විට ඇයට වයස 21 යි. ඔහුට වයස 22 යි.

නමුත් ටයිටැනික් පසුතලය මතදී ලද අත්දැකීම් විසින් ජීවිත කාලය මුළුල්ලේම නොනැසී පවතින මිතු දමක් නිර්මාණය කරන බව ඔවුන් දෙදෙනාම දැන සිටියේ නැහැ.

කේට් ලෝකයෙ සුන්දරම නිළියක් වේවි කියල කිසි කෙනෙක් හිතුවෙ නෑ. ඇයට වයස 14 ක් වෙද්දි පාසලේ නාට්‍ය කණ්ඩායමට ඇය එක් වුණා. ඇගේ ගුරුවරිය ඇයට කිව්වෙ, ‘‘ඔයා හරියන්නෙ මහත කෙල්ලන් ඉන්න නාට්‍ය කොටස්වලට විතරයි‘‘ කියලයි. කේට් ඒ වන විට චීස් බෝලයක් වගේ මහත කෙල්ලක්. ඒත් අන්තිමට ඇය අවුරුදු 21 දි හිටියෙ ටයිටැනික් සෙට් එක මත!

ඇය එදා හිටියෙ හොඳටම කැළඹිලා.. ඔඩිෂන් එකට ආව හැම කෙනෙකුගේම සිහිනය වුණේ ඩි කැප්රියෝගෙ පෙම්වතිය වීම.. පසුකලෙක කේට් ලියෝව හඳුන්වා දුන්නෙ, ‘බියුටිෆුල් මෑන් ඇන්ඩ් බ්‍රිලියන්ට් ඇක්ටර්‘ කියලයි. ඒ වගේ ලස්සන සහ අති දක්ෂ කෙනෙක් එක්ක තමන් කොහොමද රඟපාන්නෙ කියල ඇය චකිතයකින් පෙළුණා.

ඒ චකිතය සම්පූර්ණයෙන්ම කේට්ගෙ හිතෙන් අයින් කළේ ලියෝ. එහෙමත් නැතිනම් ලියනාඩෝ ඩි කැප්රියෝ. ඇය පසුතලය මත තනි වී සිටින බව දැනෙන හැම විටම ඔහු ඇය සමීපයට ආවා. ඇයව ශක්තිමත් කළා. ඔහු ඉතාම නිහතමානී නළුවෙක්. ඔහුගේ ලස්සන මුහුණට යටින් සුන්දර හදවතක් තිබුණා. ඊටත් වඩා ගැඹුරු බුද්ධිමත් කමක්, අනෙකාව වටහාගැනීමේ හැකියාවක් තිබුණා. ඔහුට ඕනෑම කෙනෙක් සම්පූර්ණයෙන්ම පාහේ දැනෙනවා!

“I walked away with one of the greatest friendships of my life in my back pocket, which is Leo.” – Kate Winslet

ලෝකයේ ජනප්‍රියම පෙම් යුවළ බවට ඔවුන් එක රැයින් පත් වුණා.

නමුත් දෙදෙනාගේ දෛවය ලියැවී තිබුණේ වෙනස් විදිහකට..

Revolutionary Road (2008) imdb.com1
Revolutionary Road (2008) imdb.com

කේට් මහත් සේ ආදරය කළ ඇගේ අම්මා, ඩිම්භකෝෂ පිළිකාවකින් මරුමුවට පත් වෙනවා. ඒ ශෝකය කේට්ගේ ජීවිතය විනාශ කරන්නට තරම් ප්‍රබලයි. ඒ බව දැනගත් ලියෝ, හැම මොහොතකම ඇය අසලින්ම සිටින්නට වග බලා ගත්තා. වසර කිහිපයක් ගත වුණු තැන, 2017 වසරේදීඔවුන් දෙදෙනා අත් පටලාගෙන එකට නිවාඩුව ගත කරන අන්දමත් පැපරාසි ඇසට හසු වී තිබුණා. කේට්ගේ දරු දෙදෙනාට ලියෝ ‘අංකල් ලියෝ‘ බවට පත්වුණා.

Printerest
OK! Magazine
OK! Magazine
PopSugar
PopSugar

කේට්ගේ නිළි ජීවිතය කොතරම් ඉදිරියට ගලාගෙන ගියත් ඇගේ පුද්ගලික ජීවිතය හැල හැප්පීම් බහුල තැනක් වුණා. ඇය අවස්ථා කිහිපයකදීම දරුවන් සමග තනි වුණා. වෙන්වීම්වලට මුහුණ දුන්නා. නොයෙක් වර මානසිකව ඇද වැටුණා. කේට් ට අවසානයේ ඇගේ ජීවිතයේ පැතූ ආදරය හමු වුණා. එවිට ඇය ලියෝගෙන් කළේ එකම එක ඉල්ලීමයි… ‘‘ඔබට පුළුවන්ද මාව අල්තාරය අබියසට එක්කරගෙන යන්න…?“

ඔව්, ඇත්ත වශයෙන්ම ලියෝ එසේ කළා.

ඔවුන් හැම විටම එකිනෙකා වෙනුවෙන් සිටිනවා. ලියනාඩෝ, වසර ගණනාවක්ම ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවා බවට නාමයෝජනා ලබා, එම සම්මානය නොලැබූ අයෙක්. නමුත් අවසානයේ ඔහු 2016 වසරේදී Revenant (2015) චිත්‍රපටය සඳහා හොඳම නළුවා සම්මානයෙන් පිදුම් ලබනවා. ඒ උත්කෘෂ්ට මොහොතේදී කේට් ප්‍රේක්ෂකාගාරයේ සිටිමින් ඒ සතුට බෙදා ගන්නට අමතක කළේ නැහැ.

IMDB

සම්මානයෙන් පසුව කේට්-ලියෝ දෙපළම ඇමරිකාවේ ‘ටුඩේ ෂෝ‘ රූපවාහිනී වැඩසටහනට පැමිණියා. ‘අපි දෙන්නම දැන් වයසට ගිහින්. ඔයාගෙ නළල පෑදිලා.. ඔයා දැන් වැඩුණු මිනිහෙක්.. මම ඒකට කැමතියි..‘‘ කේට් කියනවා.

‘‘ඔයා නම් එදා වගේම ලස්සනයි.. මට මුලින්ම හමුවුණු දවසෙ වගේමයි..‘‘ එවිට ලියෝ සිනාමුසු මුහුණින් කියනවා.

The Independent
The Independent

ABC පුවත් සේවයේ Good Morning America වැඩසටහනට සහභාගි වෙමින් කේට් මුහුණ රතුවෙන රහසක් හෙළි කළා. ඒ තමයි, ඇය සහ ලියෝ, ටයිටැනික් චිත්‍රපටයේ දෙබස්වලින් නිතරම එකිනෙකාව අමතා ගන්නා බව..!

2009 අවුරුද්දේදී ඔවුන් දෙදෙනා එක් වී වයස අවුරුදු 97 ක් වූ කාන්තාවකගේ සාත්තු නිවාස බිලක් ගෙවා දැමුවා. ඇය තමයි, මිල්විනියා ඩීන්.. Millvina Dean.. ටයිටැනික් නෞකාවෙන් එදා ගමන් ගත් මගීන්ගෙන් දිවි බේරාගත් අන්තිමයා..

NBC News

ටයිටැනික් නෞකාවෙන් එදා ගමන් ගත් මගීන්ගෙන් දිවි බේරාගත් අන්තිමයා –
මිල්විනියා ඩීන් NBC News

ඒ වගේම “Jack and Rose” නමින් ලියෝ සහ කේට් එකතුවී අති දැවැන්ත රාත්‍රී භෝජන සංග්‍රහ 3 ක් පැවැත්වූවා. එයින් ලද ඩොලර් මිලියන 1.35 ක ආදායම ඔවුන් සම්පූර්ණයෙන්ම බැර කළේ ඩිම්භකෝෂ පිළිකාවෙන් පෙළෙන රෝගීන්ගේ සුබසාධනය වෙනුවෙන්.

වරක් කේට් වින්ස්ලට් සිනමා උළෙලකදී ප්‍රේක්ෂකාගාරයේ සිටින ලියෝට මෙහෙම කියනවා.

‘‘ලියෝ.., මම ඔබට කොයි තරම් නම් ආදරෙයිද? අවුරුදු 13 ක් තිස්සේ මම ඔබට කොයි තරම් නම් ආදරය කළාද..? මම මගෙ මුළු හදවතින්ම ඔබට ආදරෙයි..“

ලියෝ ප්‍රේක්ෂකාගාරයේ සිට ඇය වෙත හැඟීම්බර මුහුණෙන් යුතුව පියාඹන හාදු එව්වා.

ලියෝ සහ කේට්ගේ කතාව, අවශ්‍ය අවස්ථාවේදී එකිනෙකා වෙනුවෙන් පෙනී සිටින, එකිනෙකාට ආදරය කරන සුමිතුරන් ගැන කතාවක්. එය මිත්‍රත්වය ගැන විතරක් නෙවෙයි, ආදරය ගැනත් ගැඹුරු කතාවක්. තමන් ආදරය කරන කෙනා/කළ කෙනා හිමි කර ගැනීමකින් තොරව සදාකාලිකව ආදරය කරන අන්දම කේට්-ලියෝ දෙපළ ලෝකයට සුන්දර කතාවක් කියා දෙනවා.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි