×

දෙවියන් දැකීමට කුසගින්නෙන් මිය ගිය පුද්ගලයන් 21ක් දෙනෙකුගේ සිරුරු කෙන්යාවෙන් සොයා ගැනේ

කෙන්යාව විවිධ ආගමික ලබ්ධීන්ට අනුව ක්‍රියාත්මක වන රටක් වන අතර මිනිසුන් අනතුරුදායක, නියාමනය නොකළ පල්ලි හෝ ලබ්ධීන් වෙත ආකර්ෂණය කර ගැනීමේ විවිධ සිද්ධි ගණනාවක් මීට පෙරද වාර්තා වි ඇත.


දෙවියන් දැකීමට කුසගින්නෙන් මිය යා යුතු බවට දේශනා කළ දේශකයෙකුගේ මග ගිය අනුගාමිකයන් 21 දෙනෙකුගේ මළ සිරුරු වෙරළබඩ නගරයක් වන මලින්දි අසලින් ගොඩගෙන ඇති බව කෙන්යානු පොලීසිය විසින් වාර්තා කර තිබේ.

ගොඩගත් මළ සිරුරු අතර දරුවන්ගේ ද සිරුරුද වන අතර මේ වන විට සොහොන් 58 හඳුනා ගැනීමත් සමඟ තව දුරටත් මළ සිරුරු ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ සම්බන්ධයෙන් දේශක Paul Mackenzie Nthenge අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ.

මේ සම්බන්ධයෙන් කෙන්යාවේ දිනපතා පුවත්පතක් වන ස්ටෑන්ඩර්ඩ් වාර්තා කර තිබුණේ, විද්‍යාඥයින් DNA සාම්පල ලබාගෙන වින්දිතයින් සාගින්නෙන් මිය ගියේද යන්න තීරණය කිරීම සඳහා පරීක්ෂණ පවත්වනු ඇති බවයි. එමෙන්ම මෙම දේශකයා විසින් කෙන්යාවේ නාසරෙත්, බෙත්ලෙහෙම් සහ ජුදා යන ගම් වල අනුගාමිකයන්ට නිරාහාරව සිටීම පවසා ඇති බවත්, ඔවුන් පොකුණුවල බව්තීස්ම කර ඇති බවත් වාර්තා කර තිබේ.

කෙන්යාව විවිධ ආගමික ලබ්ධීන්ට අනුව ක්‍රියාත්මක වන රටක් වන අතර මිනිසුන් අනතුරුදායක, නියාමනය නොකළ පල්ලි හෝ ලබ්ධීන් වෙත ආකර්ෂණය කර ගැනීමේ විවිධ සිද්ධි ගණනාවක් මීට පෙරද වාර්තා වි ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි